(ඉන්දිකා රාමනායක)
ඇඹිලිපිටිය, මිද්දෙණිය මාර්ගයේ තෝරකොළ යාය ප්‍රදේශයේ දී මල්ශාලා හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළකු විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගිත් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මනුෂ්‍ය ඝාතනය ඇතුලු අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල ව සිටින “සෙබළා” (46) යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරුවෙක් බවද පොලිසිය පවසයි.
මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ සැකකරු එම ප්‍රදේශයේ සතුරු පැදියෙන් සැරිසර ඇති බවට ලද තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා මිද්දෙණිය පොලිසියට බාර දී ඇත.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ මුරුංගස්යාය පදිංචි ප්‍රභාත් මංජුල (52) නමැති මල්ශාලා හිමිකරුවෙකි.
මොහු ඊයේ (26) පෙරවරුවේ මල්ශාලාව විවෘත කිරීමට පැමිණ සිටි අවස්ථාවේ ඒ අසල රැත සිටි වෙඩික්කුරුවෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
ඝාතනය ලක් වු මල්ශාලා හිමිකරු අපරාධ වලට සම්බන්ධ බවට චෝදනා නොමැති බවත්, කිසියම් ව්‍යාපාරික ප්‍රශ්ණයක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බවද පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මල්ශාලා හිමිකරුට,වෙඩි තැබුවැයි හිටපු යුද සෙබළා මාට්ටු