(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
තන්තිරිමලේ මල්වතු ඔය බෝගොඩ පාලම අසල දිය නෑමට ගොස් අතුරුදන්වූ සිසුවා දින 12 ක් ගත වුව ද ඔහු සම්බන්ධව මේ වන තෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වි ඇති බව අතුරුදහන් වූ ඇයගේ ඥාතීහු පවසති.
මෙසේ දියනෑමට ගොස් අතුරුදහන්ව ඇත්තේ වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක් වයසැති වර්ණකුලසූරිය ශනිල්ක අරෝෂන් තමෙල් නැමති පාසල් සිසුවාය.
අතුරුදහන් වී සිටින ශනිල්ක රොෂාන් වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයේ බොරලැස්ස සාන්ත ආනා විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබයි .
ඔහුගේ පියා මව සහ අවුරුදු දහයක් වූ නැගණිය ඉතාලියේ වෙරෝනා නුවර වාසය කරන අතර අතුරුදහන් වූ ඇගේ පියාගේ නැගණිය ඉකුත් පළමු වන දින ඉතාලියේ වෙරෝනා නුවර සිට ලංකාවට පැමිණ තිබේ.
ඇය පැමිණීමෙන් පසු බාරයක් ඔප්පු කිරීම සඳහා මඩු දේවස්ථානය වෙත ඉකුත් නව වැනි දින ගොස් ඇති බව කියයි.
පසුව දේවස්ථානය වැඳපුදාගෙන එන අතරතුර දහවල් එකයි තිහට පමණ දිවා ආහාරය ගැනීමට බෝගොඩ පාලම අසල නැවතී ඇති බව ඥාතිහු පවසති.
එම අවස්ථාවේ පවුලේ ඥාතීන් කීප දෙනකු ද ගසාගෙන ගිය ද ඔවුන් බේරාගෙන ඇති අතර පාසල් සිසුවා බේරා ගැනීමට නොහැකිවී සැඩපහර ගසාගෙන ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිහිනන්න පුලුවන්ද බැරිද වැඩක් නෑ. සියලු දෙනාගේ යහපතට මේක දකින අය මීට පස්සෙ පිහිනන්න යනවානම් කඔයක් රැගෙන යන්න...