
(ඩයනා උදයංගනී)
තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධ මුද්දර කාර්යාංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ මුද්දර දැක්ම 2022’ මුද්දර ප්‍රදර්ශනය කොළඹ 10, ඩී.ආර් විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ දී අද (6) විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ශත සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදුකෙරිණි.
ප්‍රදර්ශනය විවෘත කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, ඔලිම්පික් පදක්කම් ලාභී මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ, හිටපු ප්‍රවීණ මලල ක්‍රීඩිකාවක් වන දමයන්ති දර්ශා යන මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මුද්දර ප්‍රදර්ශනය මෙම මස 9 වැනිදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතය.
ඡායාරූප - ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා මලල ක්‍රීඩා ශත සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම, මෙතරම් දේශපාලකයන් පිරිසක් ගෙන්වා මුදල් නාස්ති කරන්නේ මන්ද...?