(සුජිත් හේවාජුලිගේ )
පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කිසියම් වූ වැඩපිළිවෙලකට යාමට රජය සාකච්ඡා අරඹා ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ලන්ඩන්හි ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඔහු මෙම සම්මුඛ සාකච්ඡාව ලබාදී ඇත.
ශ්‍රී ලංකාවට මේ වසරේ ඩොලර් බිලියන 6.9ක ණය ගෙවීම ඉතා දුෂ්කර බවත් ඖෂධ, අමුද්‍රව්‍ය, ඉන්ධන ඇතුළු සියල්ල සඳහා මුදල් සොයාගැනීමට සිදුවන බවත් මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අවලංගු කාසියක් වෙච්චි වට්ටක්කයා කිව්වා නෙවැ මූල්‍ය අරමුදලට ගියොත් පරම්පරා 7කට හෙන ගහනවා කියලා... දැන් බලමු බැසිල්ට වෙනදේ...!
යන්න එපා සර්.. ඒ ගොල්ලන් අප් දෙපා ළඟට ගෙන්න ගන්න. 2500 අභිමානේ රකින්න අමතක කරන්න එපා...
ඔය කොතැනට ගියත්, තිබෙන ණය පියවීමට තවත් ණය ගැනීම හැර වෙන විකල්පයක් නැහැ.
ඔක්කොම වැඩ එක වගේ... කෝවිඩ්වලටත් ඕකමනේ කරේ... මුට්ටි ගඟේ දැම්මා.. පැණි ප්‍රෙමා්ට් කළා. අන්තිමේදී එන්නතට ගියා. දැනුත් එහෙමයි. බංගලියන් ළඟට යනකම් හිඟමනේ ගිහින් දැන් imf මතක් වෙලා.
රටේ ආර්ථිකය බංකොළොත් වෙන තැනට පත් වුණෙත් දූෂිත බලලෝභී පවුල් පාලනේ උන්ගේ නාස්තිය, දූෂණ, හොරකම්, වංචා, මහා පරිමානයේ ගැහිලි නිසා...
විකුණපල්ලා, බදුදීපල්ලා..., අපිව වහල්ලු බවට පත්කරපල්ලා..!
ලංකාවේ මැති ඇමතිවරු හරියට කොම්පැනියක අධ්‍යක්ෂකයින් වගේ... කම්පැනියක අධ්‍යක්ෂකයින් දේශීයව තියෙන මූල්‍ය ආයතනවලින් ණය අරන් කොම්පැණියේ කටයුතු කරගෙන යනවා. මැති ඇමැතිවරු ලෝකයේම තියෙන මුල්‍ය ආයතනවලින් ණය අරන් රට කරගෙන යනවා. ආයතනයක් හෝ රටක් ණය අරගෙන කටයුතු කිරීම සාමාන්‍ය කටයුත්තක්... නමුත් ඇයි ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා කියන්නේ? ණය හම්බවුණාට ණය නොගෙවා සිටින නිසාද..? තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා කියන්නේ? නැත්නම් මැතිඇමැතිවරු තම පරම්පරාව නඩත්තු කිරීමට දරන පිරිවැය, කොම්පැනියක අධ්‍යක්ෂකයින් තම පවුල නඩත්තු කිරීමට යොදන පිරිවැයට සමානකොට සසඳා බැලීමේදී පුළුවන් තරම් ණය අරගෙන නිසියාකාරව කටයුතු නොකොට ආයතනය බංකොළොත් කියා පලායන්නා සේ කටයුතු කිරීම නිසා එය රටට දරා ගැනීමට නොහැකි තැනකට පත්වී ඇති බැවින්ද? ආයතනයක කොටස් මිල පාලනය කරන්නේ එරට කොටස් වෙළඳපොළේ නම්, රටක කොටස් මිල පාලනය කරන්නේ කුමන ආයතනයක්ද? ලංකාව තම දේශයේ ආරක්ෂාව ගැන කටයුතු කරනවා නම් (දේශපාලනිකව භෞමික අඛණ්ඩතාවය සඳහා මෙන්ම මූල්‍යමය ලෙස) රටේ ජනතාවට කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා හිතනවා...
කෝ මොළ හත.?
සර්, රට බංකොළොත් කරලා තමයි පස්ස බලන්නේ... ඔයාලට මොකද? පැරදුණාම ඇමෙරිකාවට යන්න පුළුවන්නේ..!
ඉංග්‍රීසි හරියට බෑනේ.. වැරැදිලා කියවෙලාද දන්නේ නැහැ. මේ මිනිහා තටමලා ඉවර වෙනකොට වෙන කිසිම විසඳුමක් නැති වෙයි. මේ මිනිස්සු කොමිස් ගහගන්න පුළුවන් තැනකට විතරයි යන්නේ..