
(ගයාන් සූරියආරච්චි)
මාලබේ ප්‍රදේශයේ දන්සලක පෝලිම් පැන්න බව කියන සිද්ධියකින් පසුව ඇති ආරවුලකදී තරුණයකුට ඉතා අමානුෂික ලෙස වට කරගෙන හෙල්මට්වලින් පහරදුන් බව කියන සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව මාලබේ පොලිසිය පවසයි.
එම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමග බොහෝ දෙනා අතර දැඩි විවේචනාත්මකව කතාබහට ලක්විය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොතලාවල, පට්ටියවත්ත ප්‍රදේශයේ පදිංචි 16 සහ 17 හැවිරිදි තරුණයන් පිරිසකි.
ඉකුත් පොසොන් පොහෝ දා මාලබේ ප්‍ර දේශයේ පැවැති දන්සලක විශාල පිරිසක පෝලිමේ සිටින අවස්ථාවේදී සැකකාර තරුණයකු පෝලම පැන ඉදිරියට ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී එම සැකකරු ඔහුගේ මිතුරන් කැදවාගෙන විත් පැමිණිලිකරුට හෙල්මට්වලින් සහ අතින් පයින් පහරදී ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් පරිදි මාලබේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂ ප්‍රදීප් විජේසිංහ මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd