(අජන්ත කුමාර අගලකඩ)
ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයාට අද (31) පස්වරුවේ දුරකතනය මගින් මේ බව දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අකමැත්ත පලකර තිබුණද ගිය අගහරුවාදා (29) පැවැති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය ලැබී තිබේ.
මේ අතර ජනාධිපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන මහත්වරුන්ද අද පස්වරුවේ හදිසියේම ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මෙම ගිවිසුම අත්සන් කිරීම නවත්වන්නැයි ඉල්ලීමක් කර ඇත.
මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් ගැනද ඔවුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබිණි.
කෝපරේෂන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවද එය ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි තමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් තිදෙනා සමඟ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ගිවිසුමේ ජනාධිපතිවරයාට පෙර කිසිම හේතුවක් මත අත්සන් නොකරන්නැයි ජනාධිපතිවරයා මංගල සමරවීර ඇමැතිවරයාට දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ ධුරකාලයේ අවසාන දිනකීපයේදී හෝ දේශහිතෛශී නිවැරදි තීරණයක් ගැනීම පිළිබඳ ජාතියේ ප්‍රණාමය...
මේ තුන් කට්ටුව එම ගිවිසුමේ තිබෙන ඵල ප්‍රයෝජන ගැන කිසිම දැනුමක්වත්, අඩුම වශයෙන් එහි අන්තර්ගත දේවල් කියවා තිබේදැයි ප්‍රශ්න කිරීමට අපට අයිතියක් තිබේ. ඒ අතරම මේ කණ්ඩායම ජනාධිපතිවරයාට ගතු කියා එම ගිවිසුම අත්සන් කිරීම කල්දැමීම සිරිසේන ලැබූ පරාජයක් ලෙසද සැලකිය හැක. රට පාලනය කරන්නේ ජනාධිපති ඇතුළු රජයක්ද, නිකම්ම නිකම් මන්ත්‍රීවරු තිදෙනක්ද කියාත් ජනපතිගෙන් විමසිය යුතුය.
අපි බලාගෙන ඉමු. මොකද වෙන්නේ කියලා... මේ කිසිම කෙනෙක්ව විශ්වාස කිරීමට තරම් සුදුසු අය නොවෙයි. එකිනෙකාගේ පිට කසා ගන්න අයයි ඉන්නේ. හරියට හොරු ඇල්ලුවා වගෙයි. පණ නැති ජනාධිපති කෙනෙක් වුණාම ඔහොම තමයි. මේ ගිවිසුම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි එකක්. ඒ බව දැන් නීතිවේදීන් කතාවෙනවා. මොනවා කරලා හරි ඔය "පාවාදෙන ගිවිසුම" අත්සන් කළොත්... එදා ඉඳලා අපේ රට ලේ විලක් වෙන්නට පුළුවනි. මහ ජනතාව මීට විරුද්ධව පාරට බසිවි. එ්ත් එදාට හමුදාව පොලිසිය මහාජනතාවගේ පැත්ත ගනීවි. මොකද ඒ අය ඉන්නේ රට ආරක්ෂා කරන්නයි." යැන්කියා "ආසියාවෙන් අමතක නොවන පාඩමක් මේ ගිවිසුම අත්සන් කළොත් ඉගෙන ගන්නවා.
රට පාවාදීමේ අන්තිම කොටසත් කළා. අපිට වෙන්නේ හයිටි වලට උන දේ. නැත්නම් ඉරාකෙට, ලිබියාවට උන දේ. ඇමෙරිකාවට ඕනේ කොහොමහරි මේක අත්සන් කරන්නෙ. ලංකාවට ආදරේ කරනවානම් අවුරුදු හතරම ඇමෙරිකාවෙන් කිසිම ආයෝජනයක් ලංකාවට ආවද ? ආර්ථික වර්ධන වේගය 8 ට වැඩියෙන් තිබුණේ 2015 දී. දැන් 3.5 යි. මේකෙන් වෙන්නේ ලංකාවට කවදාවත් නැගිටින්න බැරිවෙනවා මේ ගිවිසුම නිසා. ඉන්දියාව එක්ක ගහපු ඉන්දු ලංකා ගිවිසුම නිසා අපි තාම දුක්විදිනවා. දැන් මේ ගිවිසුමෙන් වෙන්නේ තවත් පරම්පරා ගණනාවක් දුක් විදින රටක් බිහිවීමයි.
මේවා ගේ අමන ලියකියවිලි අත්සන් කරන්ට යන කැබිනට් දරුවන්ටත් විශ්ව විද්‍යාල දරුවන්ට ලෙස සැලකීම වරදක් ලෙසට මා නොදකිමි.
ඕව් එකක් කියලා යටින් තව එකක් කරනවා. දැනටමත් අත්සන් කරලද කවුද දන්නේ ?
මොනතරම් භයානක ගිවිසුමක් වෙන්න ඇතිද මේ ගිවිසුම? ඒත් මංගල සහ රනිල් අනිවාර්යෙන්ම ඕක අත්සන් කරනවා. මොවුන් යන්නෙත් මේ රටට කරන්න පුළුවන් උපරිම විනාශය කරලයි. යන මේ යක්කු කොරහත් බිදගෙන යාවි. මේ පාවාදීම් වල සරල යතාර්ථයවත් තේරුම් ගන්න බැරි ඇතැමුන් තවමත් එජාප ආණ්ඩුව හොඳයි කියනවා. මේකයි මේ රටේ එකම කරුමය. බැරිවෙලාවත් මේ ගිවිසුම අත්සන් කළොත් එය අත්සන් කළ අයව අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගත යුතුයි. රටේ වැදගත් මැතිවරණයක් පැවැත්වෙන කාලසීමාවේදී ගිවිසුම් ගහන්න මොවුන්ට මොන බලයක්ද? අනිවාර්යෙන්ම එය නීතිවිරෝධියි.
මේ ඉතාම හොඳ තීරණයක්. නමුත් ජනාධිපතිතුමා නොදැනීම මේක තියෙන ඉඩ වැඩියි. මොකද ආණ්ඩුව මේකට හිරවෙලා ඉන්නේ. ජනපතිවරනේ මෙහෙයවන්න, දිනන්න පොරොන්දුවෙලා ඉවරයි. දැන් අශ්වයා පැනලා ගිහිල්ලා ඉවරයි මගෙ හිතේ... මේක මම මීට ඉහතදීත් කිව්වා. මේ සල්ලි බලාගෙන, මේ ගොල්ලෝ විදේශ සංචිත දියකරලා ඇරපු හැටි, ඩොලර් රේට් එක බේරගන්න. මහබැංකුව කියන්නේ යූඑන්පී/ ශ්‍රී ලංකා හැටියට දෙකට බෙදෙන තැනක්. ස්වාධීන ආයතනයක් නොවේ. අර කැම්පස් ලෙක්චර්ස්ලා එක්කෙනෙක් දෙන්නෙක්.., එන විදියට කුලියට ලියනවා වගේ... වෙන එකක් තියා, කෙන්යාවත් දන්නවා අපේ ණය උගුල ගැන අපේ උගත්තුන්ට වැඩිය. කෙන්යාවත් ලංකාවක් කරන්නද හදන්නේ කියලා, එක ඇමැති කෙනෙක් කියලා තිබුණා ලඟදී, ණය ගැන කතාවකදී... විලි ලැජ්ජාවේ පණ යනවා, දැන් චීනෙත් එනවලු අපිව ණය උගුලෙන් බේරගන්න. අපිව අප්‍රිකානු මෝඩයින්ටත් වඩා අන්ත ගාණට දාලයි තියෙන්නේ...
ඉතින් දැන් ඔබතුමාට කොළඹ කුරුඳුවත්තේ ගෙයක් සින්නකර ලියලා දුන්නේ අපිට සහයෝගය දෙනවා කියලා පොරොන්දු වුණු නිසානේ නේද?
දු.ක. ඇමතුමක් දීමට වඩා හොඳයි ජනපතිවරණයට පෙර අත්සන් නොකරන ලෙසට එය ලිඛිතව අගමැති, මුදල් ඇමතිට මෙන්ම ඇමරිකා තානාපති කාර්යාලය වෙත දැනුම් දෙන්නේ නම්.....එවිට හොර රහසේ හෝ ඕනෑම ගිවිසුමක් අත්සන් කර තිබුණහොත් හෝ එයට විරුද්ධව යම් නීතිමය පියවරක් ගැනීමට ද හැකි වනු ඇත. කැබිනට් අනුමැතිය ලැබුනු දිනම එය අත්සන් කර ඇති බවට ප්‍රකාශ වුනොත් පුදුම වෙන්නත් එපා.
යූ.එන්.පී රජයකට මේ තරම් රට පාවා දීමේ අවශ්‍යතාවයක් ඇත්තේ ඇයි දැයි හිතාගන්නවත් බැහැ. හිතන්න තියෙන්නේ එකම දෙයයි. මේ ගහන ගිවිසුම් වලින් ලැබෙන ආදායමක් මේ ගිවිසුම්කාරයන්ගේ සාක්කුවට එනවා එච්චරයි. මේ තරම් බෙරිහන් දෙන සජිතුත් මේකට අත උස්සලා-රෑ දනියෙල්-දවල් මිගෙල්. සජිත්ගෙ නියම චරිතෙ එතන තියෙන්නේ.
චීනය එක්ක ගහන ඒවා හොඳද? ඒ අය වෙළෙන්දෝ මිසක් ආයෝජකයන් නොවේ...
පොහොට්ටුව මේ වෙනකොට කියලා තියෙනවා මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට අත්සන් කරන බව. ඉතින් මේ වෙලාවේ අත්සන් කරන්න එපා කියන එකෙන් පොහොට්ටුවට කත් අදින බව ජනතාවට හොදට තේරෙනවා. නිර්පාක්ෂික බව විහිලු කතාවක්.
මහජන කථිකාවක් ඇති නොකර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර, වියතුන්ගේ අදහස් නොවිමසා කඩි මුඩියේ අත්සන් කරන්න හදන ගිවිසුම භයානක මෙන්ම රටේ ඉරණම තීරණය කරන සංදිස්ථානයක් වන්නට පුලුවන්. සම්පූර්ණ ගිවිසුම මහජනතාවගේ දැන ගැනීම උදෙසා මාධ්‍යයට මුදාහැරිය යුතුය. සියලු බේද ඇතහැර රට වෙනුවෙන් එක්ව නැගී සිටිමු.
ඇමෙරිකන් භිතිකා රෝගීන්.
මොකක්ද මේකේ තේරුම? ඔබ කියන්නේ ඡන්දෙට පසුව අත්සන් කළ හැකි බවද? මොකද ඔබ කියනවා දැන් අත්සන් කරන්නේ නෑ කියලා. එයින් ගම්‍ය වන්නේ මැතිවරණයෙන් පසු අත්සන් කිරීම සුදුසු බවයි.
ඊයේ පෙරේදා මාධ්‍යයවල පළවූ ප්‍රවෘත්තිවලින් පෙනීගියේ ජනාධිපතිතුමා මෙම ගිවිසුම අත්සන්කිරීමට අනුමැතිය පළකල බවයි. නැවත එම අදහස වෙනස් කලානම් පෙනීයන්නේ ඉහලින් ආ නියෝගයක් නිසා අදහස වෙනස්කළ බවයි. කොහොම නමුත් ජනාධිපතිවරණයෙන් පසු මෙම ගිවිසුම අත්සන් කරන එක තමයි හොඳ.
කෝක උනත් ඊළගට එන ජනාධිපතිතුමාම මේක අත්සන් කරන එක කොක්ටත් හොදයි. එතකොට දැන් විරුද්ධ වෙන අය කිසිම කතාවක් නැතුව ඕකට නිහඩ වෙනවා. එකග වෙනවා. දැන් අත්සන් කළොත් රට ඇන්ටාක්ටිකාවට ගහගෙන ගියා වගේ මරහඩ දෙන්න ගන්නවා කට්ටිය.
යූ.එන්.පී ඡන්දෙන් බලයට ඇවිත් යූ.එන්.පී එකටම ගහන කුහකයෙක්. අද මේ හැමදේම කරන්නේ පොහොට්ටුව වෙනුවෙන්. රට කෑවා. විනාශයි. තව දවස් 17 න් මෙයා ගෙදර.
වැඩක් නැති ප්‍රශ්න අල්ලගෙන කෑ ගහන ජවිපෙ මහලොකු අධිරාජ්‍ය විරෝධී සමාජවාදීන් මේ ගැන කටක් හොල්ලන්නෙ නැත්තෙ ඇයි?
කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය දීලා දැන් ඒකට අත්සන් කරන්න එපා කියන්න එකේ තේරුම මොකද්ද? මේ ජනාධිපති සිය බුද්ධියෙන් කටයුතු කරන වගේ පෙන්න නැහැ. අනුන්ගේ කොන්ත්‍රාතුවක් ඉටු කරන්න යන්නේ. එක්කෝ කැබිනට් රැස්වීමේදී ඊට අකමැත්ත පළ කරන්න තිබුණා.
මෙහෙමත් අමන නායකයෝ. මේවගේ නායකයෝ එන්න රටක් මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන්නේ මිනිසුන්ගේ පුරුවේ පිනකට.
ඔබනේ රටේ සහ කැබිනට් මණ්ඩලේ නායකයා. ඕක හොඳ නැත්නම් ඔබට පුළුවන් ඔය යෝජනාව ප්‍රතික්ෂේප කරන්න කැබිනට් එකේදී පරදවන්න. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මහජන මුදලින් වැටුප් සහ දීමනා අරගෙන විශ්‍රාම ගියහම ඉන්න නිවසකුත් අරන් තම රාජකාරිය අනුන්ට පවරලා නිකන්ම අත්දෙක පිහදාගෙන ඉන්න එක සදාචාරාත්මකද ? යුධ කාලේදී ෆොන්සේකා, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි පුද්ගලයන් ඔය ආකාරයට කටයුතු කළානම් ප්‍රභාකරන් අදටත් ජිවත් වෙනවා නේද ?
ජනාදිපතිවරණය හා ගිවිසුම අතර සම්බන්ධය දන්නේ කඩිමුඩියේ අත්සන් කරන්නට උත්සහ කරන අයමය. ජනාධිපතිවරණයක් තිබුනා හෝ නොතිබුනා හෝ මෙවැනි ගිවිසුම් වලින් වන අහිතකර බලපෑම් වලින් මුලු රටේම ජනතාවට පීඩා විදීමට සිදුවනු ඇත. ඩොලර් මිලියන ගණනක් ලැබෙන නිසා රටේ හදවත් බදු කොටසක අක්කර ලක්ෂ ගණනක් පිට රටකට ගිවිසුම්වලින් ලියා දී රටේ ස්වරීභාවය අහිමි කරන විට බලාසිටින්නට හැකිවන්නේ රට ජාතිය ගැන හැගීමක් නැති හිස් මිනිසුන්ට පමණි. සල්ලි ලැබේනම් ඔවුන් එකග නොවන දෙයක් මේ මිහිපිට නැත. කුමන ආණ්ඩුවක් තිබුනද කවුරු කළද මම එයට විරුද්ධයි. රට විකුණා දියුණු වූයේ මොන රටද? ඇමරිකාවට මේ කොටස ලියා දුන් පසු මේ රට සුර පුරක් වේ යැයි දවල් සිහින දකින්නවුන් සිටින බව පෙනේ. අපට ඇමරිකන් භීතියක් නැත. ඇමරිකන් ගායක්ද නැත. ඇත්තේ අපේ රට පිළිබද ආදරයක් පමණි.
මහේෂ් සේනානායක ඇරෙන්න වෙන එක කෙනෙක් ඉන්නවද එම්.සී.සී හරි ඒ.සී.එස්.ඒ හරි එපා කියන? මොකද ඒ එක්කෙනෙක්ටවත් රට විදේශ ආධාර නැතුව දුවන ප්ලෑන් එකක් නෑ.
මම නිතරම කියනවා මේ නිවටයන්ව තඹ සතයකට විශ්වාස කරන්න හොඳ නෑ. ඊයේ පෙරේදා පගාව විදිහට කැබිනට් පේපර් එකකින් පැජට් පාරේ ගෙවල් තුනේ ගෙයයි කෝටි දහයක වාහන දෙකකුයි දෙනකොට සද්ද නැතුව ගත්තේ මේකට අත්සන් කරන්න තමයි. අත්සන් කරලා ඉවරවෙලා දැන් බොරු බයිලා ගහනවා. ගෝඨාභය මහත්තයෝ 16 පහුවෙනකන් මෙයාව විශ්වාස කරන්න එපා.
කොයි ආණ්ඩුව ආවත් ඕකට අත්සන් කරනවා. ඕක නිකන් රගපෑමක් විතරයි. බදු අඩු කරාම කොහෙමද ආණ්ඩුවක් ගෙනියන්නේ? රටේ මිනිස්සුන්ව රවට්ටන්න ඒක විතරයි කරන්නේ.
දැන් අවුරුදු හතර හමාරක්ම ඔක්කොම වැඩ පහු කරකර ගත්තු ණය වලට පොලි ගෙව ගෙවා, පින් පඩි ගත්තු ආණ්ඩුවට මාසයක් දෙකක් ඔහේ ඉන්න බැරිද, නේද?
අනුමැතිය දීලා දැන් එනවා මෙතන සුදනා වෙන්න...
දැන්වත් නුවණ පෑදිලා තියෙන්නේ ඕක මහා භයානක දෙයක් ඉරාකයට වගේ...
මෙම දෙබිඩි ප්‍රතිපත්තිය කුමක්ද? කැබිනට් පේපර් එකට අනුමැතිය දුන්නේ ඇයි? මෙය වැළකිය යුතු බව සෑබෑ නමුත් කැබිනට් පේපර් එකට අනුමැතිය දීම ස්වකීය වගකීමේ ආධිපත්‍ය පැහැර හැර පසුව අනුන්පිට වරද පටවා තමන් සුදනා වීමද? මුල් වරද කර ඇත්තේ කවුරුන්ද? "ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වන්නේ ය." යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(3) ව්‍යවස්ථාවෙහි දක්වා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා බැවින් එම්.සී.සී ගිවිසුමට අනුමැතිය දීමේ වගකීම අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා වන ජනාධිපතිවරයා සතුය. තම විධායකයේ බලය කිසිවෙකුටත් බලහත්කාරයෙන් ලබාගත නොහැක. රටට යම් හානියක් වනවා නම් ඒ පිළිබඳව දැන දැන එයට කැබිනට් අනුමැතිය දීමේ වගකීම අන් කිසිවෙකුටත් පවරා නිදහස් විය හැකිද? වැටත් නියරත් ගොයම් කානම් කාට කියමුද ඒ අමාරුව?
මං මේ නිකමට අහන්නේ. මෙය අත්සන් කරනවාට විරුද්ධව අදහස් දමා ඇති අයට කියන්න බැරිද මේ ගිවිසුමේ තියන මහ භයානක දේවල් මොනවද කියලා...
මේ භයානක ගිවිසුම් ගෙනෙන මේ භයානක රට ඇමෙරිකාවේ පුරවැසියා වන ගෝඨා සහ ඔහුගේ ඇමෙරිකානු පවුල ගැන ඔබලාගේ අදහස් කුමක්දැයි කියා මම දැනගන්න කැමතියි.
ඔබතුමා ඔය වෙලාවේ දොයියගෙන වෙන්නැති ඉඳලා තියෙන්නේ... ෆේස්බුක් එකෙන් වෙන්නැති කැබිනට් එකේ වූ දේවල් දැනගත්තේ...?
මෙවැනි ගිවිසුම් අන්තර්ගතය රටේ ජනතාව හා නියෝජිතයින් නිසිලෙස දැනුවත් කර අනුමැතිය ලබන තෙක් ගිවිසුම්ගත වීම කල් දැමීම (?) ගැන අතිගරු ජනාධිපතිතුමාට මුළු මහත් ජනතාවගේ ප්‍රණාමය පුදකරමු. හැබැයි රටේ විධායක ජනාධිපතිවරයෙක් නො සිටියා නම්...? දැන්වත් මේ රටට විධායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍යතාව අපේ ආචාර්ය මහාචාර්ය පුරවැසියන් තේරුම් ගන්නවා නම් හොඳයි.
ඔය මගුල නැතුව ලංකාව දියුණු කරන්නම බැරිද? අපි ඡන්දෙ දුන්නට ඔය ගැන අපෙන් විමසුවේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕක නොවෙයි. අනික මට කියනවද ලෝකේ කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ කියලා...?
සජිත් මයාගේ අදහස මොකක්ද, විරුද්ධ වෙලාද?
මට දැන් තේරෙනවා මොකද කියලා....ඇමෙරිකන්කාරයා ත්‍රීකුණාමලේ සිට කොළඹට තනි ඉරක් අන්දලා රට බෙදන්න තමයි යන්නේ.
මොකද හදිස්සිය?