ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විරුද්ධත්වය ඉවත් කරගැනීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
යටිතල පහසුකම් සංවර්ධනය සහ මාර්ග තදබදය කළමනාකරණය කිරීම යන ප්‍රධාන කරුණු ආවරණය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස මෙම මුදල ශ්‍රී ලංකාවට හිමි වේ.
“මෙය රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වගේම අනාගතය පිළිබඳ හොඳ නිමිත්තක්” යැයි ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ප්‍රදානයට කැබිනට් අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අර්බුදය නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට අදාළ ප්‍රදානය ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කර කඩිනම් මැතිවරණයකට යෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගැනීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වියවුලක් ඇතිවිය.
2015 වසරේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අතර පෞද්ගලිකව සහ දේශපාලනික වශයෙන් ඇති වූ අර්බුද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට හේතුවිය.
කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් අතර ඒ අනුව වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවත් අතර නිරන්තරයෙන් මතභේද හා ගැටුම් ඇති වූ අතර එම්.සී.සී. ගිවිසුමට අත්සන් තැබීම ප්‍රමාද විය. අගනුවර වන කොළඹ සහ ඒ අවට නගරවල මාර්ග තදබදය කළමනාකරණය කර මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම අරමුණ ඇතිව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුමට අත්සන් තබා ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක මූල්‍ය ප්‍රදානය ලබාගැනීමට උනන්දු විය.
නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු නොවන අතර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහායකු තේරී පත්වූ විගස ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුය.
සංචාරක නවාතැනක් ලෙස ශ්‍රී ලංකාව විදේශ ආධාර හා ණය මත දැඩිව යැපේ. දේශපාලන අස්ථාවරත්වය නිසා පසුගිය වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථිකය වර්ධනය වූයේ සියයට 1.8ක් තරම් අඩු වේගයකිනි.
269කට මරු කැඳවමින් හෝටල් තුනක් සහ කතෝලික පල්ලි තුනක් ඉලක්ක කරගනිමින් මේ වසර මුලදී ජිහාද්වාදීන් එල්ල කරන ලද මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර මාලාව නිසා ද ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පැත්තකින් මුස්ලිම් අන්තවාදය. අනිත් පැත්තෙන් තමිල්නාඩු ගැත්තන්ගේ වියරුව. තවත් පැත්තකින් චීනය හා ඉන්දියාව දැන් ඒ මදිවට ඇමරිකාවත් කොටහක් සින්නක්කර ගනීවි වගේ. එදා ඉදන් කියන්නේ මාගේ මාතෘභූමිය විනාශ කළේ දේශපාලුවෝ.
ඩඩ්ලිගේ කාලේ ලංකාවට තිබුණු අවස්ථාව මගහැරුණු නිසා සිංගප්පූරුව බිහිවුණා. එදා එකට සමාජවාදී කාරයන් උසිගන්වලා අපිව අනාථ කලේ ඉන්දියාව. ජේ.ආර් ඇවිත් ඒ වැඩපිළිවෙල යළිත් ක්‍රියාත්මක කරන්න යනකොට කුට්ටිමනිලව පුහුණු කරලා එවලා එ්කත් නැති කලේ ඉන්දියාව. මේ වතාවේ අපේම මිනිස්සු උසිගන්වලා නැවතත් රට අනාථ කරන්න නොදී කටයුතු කිරීම රටේ දේශපාලන පක්ෂවලත් මාධ්‍යවලත් වගකීමක්... එහෙම නොවුණොත් සියයට අසූවකටත් වැඩියෙන් ජාතික අාදායම ණය ගෙවන්න වියදම් කරන රටක් වෙන අපිට හැමදාමත් වලේම තමයි ඉන්න වෙන්නේ...
හලෝ කව්රුත් මේ වෙලාවේ සිතන්න ඕනේ බලයට පත්වීම ගැන පමණි.
මේ රජය දන්නවා මේ ගතවෙන්නේ අවසාන සති 2 බව... රනිල්, සජිත් හදන්නේ යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ..., ඇමරිකාවේ ඉල්ලීම් ඉටුකිරීමක්. මොවුන්ට මෙහෙම රට පාවාදෙන්න ජනවරමක් රටේ ජනතාව කිසිම වෙලාවක දුන්නේ නැහැ.
අවසාන මොහොතේ මේ රට විකුණලා හරි බලය ගන්න හදන යමපාලකයින්...
යමපාලනය සදහටම තුරන් කරමු.
ඇමෙරිකාව ආසියාවේදී හොඳටම නාගන්න තැන ශ්‍රී ලංකාවයි. ලෝකයේ හැමතැනටම හොට දාලා අන්තිමේදී පැනලා ගිය ඇමෙරිකාව. මදි නොකියන්න කනවා මේ රටේදී. විකල්ප දේශපාලන පක්ෂ ,ජවිපෙ වැනි පක්ෂ මේ විනාශය රටටම කියන්න ඕනා. මහජනතාව පාරට බස්සවන්න ඕනා. හමුදාව අනිවාර්යෙන්ම මහජනයාගේ පැත්ත ගන්නවා. මොකද ඒ අය ඉන්නේ රට ආරක්ෂා කරගන්න මිසක් රට විකුණන අය ආරක්ෂා කරන්න නොවෙයිනේ.
මේ ගිවිසුම කඩිමුඩියේ අත්සන් කරන එක ගැටලුවක්. ඒකෙන් සජිත් මහත්තයා ගොඩනගා ඇති ජනතා ප්‍රසාදයට හානියක් වෙන්නත් පුලුවන්.
අනේ මේ බොරු ලොකුකම් පැත්තක තියලා ඇමරිකාව දෙන ආධාරයක් අරගන්න ඕනේ. නැත්නම් ඉතින් සෝමාලියාවෙනුත් හිඟාකන්න වෙන දවස වැඩි ඈතක නැහැ. මැදපෙරදිග වහල් සේවයට හා ලෝකයේ ධනවත් රටවලට හිඟන්නන් පැටවීම සම්බන්ධයෙන් දැනටමත් ලංකාව කප් ගහලයි තියෙන්නේ. රට ඇතුලේ මහලොකු වංශක්කාරයින්ව, පිටරටවල් වලදිනම් ගණන් ගන්නේ නැහැ. ඇමරිකාවේ නොවේ වෙනත් රටක කොලණියක් වෙනවා නම් අඩු තරමේ ඔලුව කෙලින් කරගෙන ලෝකෙට මුහුණ දෙන්නවත් පුළුවන්. ජාතියයි,ධර්මයයි,දේශපාලනයයි ඉහට ගහලා දේශප්‍රේමයෙන් උන්මන්තකව සිටින ලෝකෙටම විහිලු සපයන අශිෂ්ඨයින්ගෙන් පිරුණු රට?
අඩුගානේ මේ උගුල් ගිවිසුමෙන් රටට වෙන්නේ මොනවද? අපිට වෙන්න යන්නේ මොනවද කියලා මෙලෝ තේරුමක් නැති අය කීදෙනෙක් ඉන්නවද කියලා මේ ඩිස්ලයික් වලින් ගණන් කරගන්න පුළුවන්. කියන්න තියෙන්නේ මෙච්චරයි. රනිල්ගේ මර උගුලට පින් සිද්ධ වෙන්න සජිත්ට ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් නැති කර ගත්තා. දෙයියනේ කියල අනිත් අපේක්ෂකයන්ට මිනිසුන්ට කියන්න හොද මාතෘකාවකුත් ලැබුනා. ඡන්දත් ටිකක් වැඩියෙන් ලැබෙයි. එයාලටත්, රනිල්ටත් තියෙන්නේ එක ඉලක්කයයි. මේ වතාවේ පරදින බව දැන දැනම මේක කරන්න යන්නේ එයාගේ මානසික රෝගයේ ලක්ෂණයක් නිසා. දැන් ඒක උත්සන්න වෙලා ඉන්නේ. බලාගෙන ඉන්න ඩොලර් හිගන්නට මොකද වෙන්නේ කියලා.
රට හරියටම මැදින් දෙකඩ කර කොරිඩෝවක් ඉදිකිරීමට ඇමරිකාව ඉතාම සද්භාවයෙන් ඉදිරිපත් වී ඇති බව සිතන්නට තරම් අපේ මිනිස්සු මෝඩද? මාර්ග තදබදය නැති කිරීම හා රට මැදින් වෙන්කර විදේශ සමාගමකට පැවරීම ඇතර සම්බන්ධය කුමක්ද? මෙය ඉතාම බරපතල කාරණවක්. අපේ රටේ ඉතාම වටිනා කොටසේ අක්කර ලක්ෂ ගානක් තම්න්ගේ සමගමක පාලනය යටතට ගැනීමෙන් ඇමරිකාව මේ රට බරපතල අර්බුදයකට හෙලා ආසියානු කලාපයේ තමන්ගේ මර්මස්තානයකට මුල්ගල තබයි. ඩොලර් මිලියන ගණනක් නොව බිලියන ගණනක් දුන්නද මෙවැනි ක්‍රියාවකට රටට ආදරේ මිනිස්සු ඉඩ දේවිද? මොන රටද තමන්ගේ රට විකුණලා දියුණු උනේ?
වැපුරූ හැටියටයි නෙලාගන්නේ... යහපාලනයට එදා වැඩි ජන අනුමැතිය දුන්නා.
රට පාවාදෙන්නේ නැහැ කියන සජිත් එදා කැබිනට් එකේ හිටියේ නැද්ද? මේකට අනුමැතිය දුන්නේ නැද්ද කියා ජනතාවට පැහැදිලි කළ යුතුයි.