මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට ලක්ව සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයා සියලු චෝදනාවලින් නිදහස් කර ඇතැයි පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අද (21) පැවැසීය.
ළහිරු මධුසංඛ වන එම ශ්‍රී ලාංකිකයා රියදුරකු වන අතර ඔහු හෙට (22) මෙරටට පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා කීවේය.
ඔහුට විරුද්ධව චෝදනාව විභාග කිරීමට ප්‍රමාණවත් තොරතුරු නැති බැවින් සියලු චෝදනාවලින් නිදහස් කර ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා කීය.
කිසිදු චෝදනාවක් නොමැතිවර ළහිරු මධුසංඛ වසර තුනක් සිර දඬුවම් විඳ ඇත.
“ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මම මාලදිවයිනට ගියා. නඩු විභාගය අද සිදු කෙරුණා. මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා අපට විශාල සහයෝගයක් දුන්නා” යැයි ද අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පැවැසීය.
ඬේලිමිරර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd