
(අංජුල මහික වීරරත්න)
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුලතිව් දිස්ත්‍රික්කයේ මෙන්ම ඒ අවට ප්‍රදේශවල ජනතාව වෙත සේවා සපයන ප්‍රධාන සෞඛ්‍ය සත්කාර ආයතනය මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල වේ. එම රෝහල නේවාසික ප්‍රතිකාර සේවාවන් සපයන විශේෂඥ ඒකක 8කින් සමන්විත වන අතර, එහි මුළු ඇඳන් ධාරිතාව 195කි.
අඩු රෝගී පිරිවැයක් සහිතව ඉහළ ගුණාත්මක බවකින් යුතු අඛණ්ඩ සත්කාර සේවාවක් සැපයීම පිණිස තෘතියික සත්කාර ආයතන ලෙස ක්‍රියාත්මක වන ප්‍රධාන රෝහල් වැඩි දියුණු කිරීම පිණිස ගනු ලබන පියවර යටතේ, මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය වාටටු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
ඒ සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත. එම මූල්‍ය ප්‍රදානය යොදා ගනිමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd