
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් වසමේ විද්‍යානන්ද විදුහලේ ක්‍රීඩාපිටියේ පොළව යට තිබී කාලතුවක්කු උණ්ඩ 6 ක් තිබී සොයාගත් බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
විද්‍යානන්ද විදුහලේ ක්‍රීඩාපිටිය පිළිසකර කිරීමේ කටයුත්තේ යෙදී සිටි ඉංජිනේරුවරුන් පිරිසකට මෙම කාලතුවක්කු උණ්ඩ කිහිපයක් හමුවී ඇති අතර පසුව ඒ බව මුල්ලියාවලෙයි පොලීසියට දැනුම් දී ඇත.
මුල්ලියාවලෙයි පොලීසිය එම ස්ථානයට ගොස් වැඩිදුර පරික්ෂා කිරීමේදී කාලතුවක්කු උණ්ඩ 6 ක් පොළව යට තිබී සොයාගෙන තිබේ.
යුද සමයේ දී කොටි සංවිධානය විසින් එල්ල කරන ලද කාලතුවක්කු උණ්ඩ මෙලෙස සොයාගත් බවටත් කාලතුවක්කු උණ්ඩ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd