සිතුම් චතුරංග
මුලතිව් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානය සතුව පවතින සිවිල් ජනතාවගේ ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලමින් ප්රදේශවාසීන් පිරිසක් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය වෙත ඇතුළු වීමට උත්සහ කිරීමත් සමඟ එම ස්ථානයේ අද (31) දහවල් එම ස්ථානය අසල නොසන්සුන් තත්වයක් හට ගැණිනි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් දෙසැම්බර් 31 වැනි දාට පෙර උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නිදහස් කරන බවට දුන් පොරොන්දුව ඉටුනොකිරීම නිසා මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වුහ.
තම නිවාස වල බඩුභාහිර ආදි රැගෙන පැමිණි ජනතාව ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් මූලස්ථානයට ඇතුළුවීමට උත්සහ කළ අතර ආරක්ෂක අංශ විසින් එය වළක්වාලනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි ගහලා මදි..
ඔය ලස්සනට රෙද්ද පල්ලේ බේරෙන්නේ ආරක්ෂක ඇමතිගේ කෙරුවාව..
ඔය ලස්සනට රෙද්ද පල්ලේ බේරෙන්නේ ආරක්ෂක ඇමතිගේ කෙරුවාව හිතනවා ඇති කුලී ගෙවල්වල ඉන්න මිනිස්සු එළියට දානවා වගේ කියල හමුදා කඳවුරු ඉවත් කරන එක.. මෙයා රටත් කාලා, ජනතාවත් විනාශ කරලා තමයි නවතින්නේ...
මේක රනිල්ගේ සහ සුමන්දිරන්ගේ ප්ලෑන් එකක්. ආරක්ෂක හමුදාව කරපු උදව්වලට කලගුණ සැලකීම වගේ ගංවතුර බහින්නත් කලින්ම..
ළමයින් මෙවැනි දේවලට සහභාගී කර ගැනීමට විරුද්ධව නීති නැද්ද? නීති තිබුණත් ක්රීයාත්මක කිරීමට නායකයින්ට කොන්දක් තිබිය යුතුය.
හා හා ගහන්න එපා අපි "බාලයෝ වෙයි", අද උදේ ටීවි එකේ බණ කියනවා මම අහගෙන...
කව්ද අනේ අපේ සිරිසේන මහත්තයාගේ පොරොන්දු විශ්වාස කරන්නේ? කට ඇරියොත් ඉවරයි..