(අංජුල මහික වීරරත්න)
රජයට අයත් කිරි නිෂ්පාදන සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගම ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් කඩිනමින් අරඹන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගමේ ඉහළ කළමණාකාරිත්වයට උපදෙස් දුන්නේය.
මිල්කෝ පුද්ගලික සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව වැඩ පිළිවෙළක් සැකසීම පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
2021 වසරේ දී මිල්කෝ සමාගම කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් ලබන ලද ආදායම රුපියල් මිලියන 8,052කි. නමුත් 2022 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා යම් රටේ යම් ආර්ථික පසුබැස්මක් තිබුනත් පසුගිය වසරේ ඇතැම් මාසවලට සාපෙක්ෂව 2022 වසරේ දී ඇතැම් මාසවල ඉහළ ආදායමක් ඉපයීමට එම සමාගමට හැකි වී තිබේ.
මෙම වසරේ අගෝස්තු මාසය වනවිට මිල්කෝ සමාගම රුපියල් මිලියන 7774ක ආදායමක් ඉපයීමට හැකි වී තිබෙන බවද මෙම වසර අවසාන වන විට අඩු තරමින් රුපියල් මිලියන 8,500 ඉක්මවූ ආදායමක් ඉපයීමට හැකි වෙතැයි එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වය අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’මිල්කෝ’’ ලාබ ලබන්න සැලසුමක් හදයි
janahitha Thursday, 06 October 2022 12:56 PM
පුද්ගලික අංශයට ලබාදීමෙන් තමා එය කල හැක්කේ
ධනුෂ්ක Thursday, 06 October 2022 01:22 PM
ඕක ලාභ ලැබුවා අනුර යටතේ. ණයත් ගෙවලා සේවකයන්ට බෝනසුත් ගෙව්වා. හැම එකක්ම ලාභ ගන්නනම් අනුරලට දෙමු
Rasika Thursday, 06 October 2022 03:45 PM
අහස උසට මිලගනන් නග්ගලත් ඒත් ලාභ ලබන්න බැරිනම් ඒක මහා කරුමයක්.