(අංජුල මහික වීරරත්න)
රජයට අයත් කිරි නිෂ්පාදන සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගම ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් කඩිනමින් අරඹන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගමේ ඉහළ කළමණාකාරිත්වයට උපදෙස් දුන්නේය.
මිල්කෝ පුද්ගලික සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව වැඩ පිළිවෙළක් සැකසීම පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
2021 වසරේ දී මිල්කෝ සමාගම කිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියෙන් ලබන ලද ආදායම රුපියල් මිලියන 8,052කි. නමුත් 2022 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා යම් රටේ යම් ආර්ථික පසුබැස්මක් තිබුනත් පසුගිය වසරේ ඇතැම් මාසවලට සාපෙක්ෂව 2022 වසරේ දී ඇතැම් මාසවල ඉහළ ආදායමක් ඉපයීමට එම සමාගමට හැකි වී තිබේ.
මෙම වසරේ අගෝස්තු මාසය වනවිට මිල්කෝ සමාගම රුපියල් මිලියන 7774ක ආදායමක් ඉපයීමට හැකි වී තිබෙන බවද මෙම වසර අවසාන වන විට අඩු තරමින් රුපියල් මිලියන 8,500 ඉක්මවූ ආදායමක් ඉපයීමට හැකි වෙතැයි එම සමාගමේ ඉහළ කළමනාකාරිත්වය අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික අංශයට ලබාදීමෙන් තමා එය කල හැක්කේ
ඕක ලාභ ලැබුවා අනුර යටතේ. ණයත් ගෙවලා සේවකයන්ට බෝනසුත් ගෙව්වා. හැම එකක්ම ලාභ ගන්නනම් අනුරලට දෙමු
අහස උසට මිලගනන් නග්ගලත් ඒත් ලාභ ලබන්න බැරිනම් ඒක මහා කරුමයක්.