IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාලි රටේ රාජකාරියට ගිය හමුදා සෙබළා මරුට

(ඉන්දිකා  රාමනායක )

මාලි රාජ්‍යයේ   එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතුවල නිරත හමුදා සෙබලෙකු හදිසියේම රෝගාතුර වී මිය ගොස් ඇතැයි යුද හමුදාව පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශය පදිංචි එම් ජී එල් දේශප්‍රිය (42) නමැති ලාන්ස් කෝප්‍රල් වරයෙකි.

6 වන සේවා බළකායට   අනුයුක්තව රාජකාරි කරමින් සිටි ඔහු දෙදරු පියෙකි.

ලාන්ස් කෝප්‍රල්වරයා 2022   වසරේ  සාමසාධක කටයුතු සඳහා මෙරටින්   පිටත්ව ගොස් ඇති අතර 2023 අගෝස්තු මස නැවතත් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව හමුදාව කියයි.

ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය මහතා ඉකුත් 11  වැනි දින හදිසි හෘදයාබාධයක් වැළඳීමෙන් මාලි රාජ්‍යයේ බනාකෝ නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වනු ලබන රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

එක්සත්    ජාතීන්ගේ සංවිධානය සම්ප්‍රදානුකූලව මාලි රාජ්‍යයේ   මිනිස් මා හමුදා මෙහෙයුම් ප්‍රධානී ඩැනියෙලා ක්‍රොස්ලැක් මහත්මිය ප්‍රධානත්වයෙන් ඉකුත් 16 දින  අවමංගල්‍ය උත්සවයක් පවත්වා ඇත.

මියගිය ලාන්ස් කෝප්‍රල් වරයගෙ දේහය හෙට (22) මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති අතර ඒ පිළිබඳව අවසන් කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදා උත්තමාචාර   අනුරාධපුරයේදී සිදුකිරීමට නියමිතව ඇත.

 

 

 

 



අදහස් (4)

මාලි රටේ රාජකාරියට ගිය හමුදා සෙබළා මරුට

Senarath Tuesday, 21 February 2023 12:19 PM

ඔබට නිවන් සුව අත්වේවා !!!

:       0       6

රනිල් Tuesday, 21 February 2023 03:27 PM

නිවන්සුව ලැබේවා රණවිරුවාණෙනි. දැන් කලයුත්තේ ඔබ වෙනුවෙන් ලැබෙන වන්දිය ඩොලර් වලින්ම මේ රටට ගෙන ඒමයි.ඩොලර් හිඟයෙන් පෙලෙන මේ රටට මේ වගේ ජිවිත පරිත්‍යාගයෙන් හරි විදේශ විනිමය ලැබීම ඉතාම හොඳ දෙයක්.ජිවිත පරිත්‍යාගයෙන් ඩොලර් අපේ රටට එවන විරුවන්ගේ නම් ලියන්න අපි විශේෂ පොතක් ලැහැස්තිකරලා තියෙනවා, ඔබටත් ඔබගේ නම ඊට ඇතුල් කරගත හැක. ඉස්තුතියි. ප.ලි. මේ විදේශ මුදල් බැංකුව හරහා ගෙන්වාගත යුතුයි.එහෙම නැතිව උන්ඩියල්ද මොකක්ද කියන මලජරාව හරහා එහෙම එවලා අහුවෙන්න එපා.මම නරක මිනිහයි කියන්න එපා.දැන් මට උන්නත් එකයි මලත් එකයි.

:       0       2

bandaraTuesday, 21 February 2023 04:59 PM

මියගිය රණවිරුවාට නිවන්සුව අත්වේවා . රනිල් උන්නැහේ , 'මට උන්නත් එකයි මලත් එකයි ' කිව්වාට හෙට අනිද්දා රටේ ජනතාව පාරට බැහැලා ඔහේව මස් කඩේට දක්කන නිසා මලත් එකයි කියන්න.දැනටත් ඔබ ඇවිදින මළමිනියක්, රටටම කොඩිවිනයක්.මැරුණ මිනිස්සුන්වත් විකුණගෙන කන අසික්කිතයෙක්.

:       0       0

sakunthalaTuesday, 21 February 2023 05:48 PM

රනිල්,අපි හිතුවා හරි.ඔය ලෙඩේ ඔඩුදුවන්න කලින් අංගොඩ පිස්සන් කොටුවට ගිහින් බෙහෙත් ගන්න.ඔබ මේ හදන්නේ මළමිනී විකුනලා සල්ලි හම්බකරන්නද?ඔබ මේ නින්දා කරන්නේ රට වෙනුවෙන් සිය රාජකාරිය කල විරුවෙකුට.ඔබගේ විකුර්තිකාම මානසිකත්වයට බෙහෙත් නොගත්තොත් රටේ ජනතාව මහපාරේදීම බෙහෙත් දේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site