
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මේ වසරේ මුල් කාර්තුවේදී පමණක් මෙරටට ඩොලර් කෝටි හැටපහක සෘජු විදේශ ආයෝජන 64ක් පැමිණ ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
එදා මේ රටේ ක්‍රියාත්මක වූයේ චෞර රාජ්‍යයක් බව පැවසූ අමාත්‍යවරයා අල්ලස දුෂණය වංචාව නැති හෙයින් විදේශ ආයෝජකයන් බිය සැක නැතුව පැමිණෙමින් සිටින බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ දූෂණ විරෝධී පනතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.
අද රටට ආයෝජකයන් එනවා. රාජ්‍ය නායකයන් එනවා. ගිවිසුම අත්සන් කරන්න කතා කරනවා. මේක එදා තිබුණේ චෞර රාජ්‍යයක්. ජන අරගලයකින් චෞරයන් සියල්ල සුද්ද කළා. තව අවතාර කිහිපයක් ඉන්නවා.
අද බලන්න අපේ රටට කොච්චර ආයෝජකයන් ඇවිල්ලද කියලා. 2025 මේ කාර්තුවට විතරක් සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 650ක් ඇවිල්ලා තියෙනවා. ව්‍යාපෘති හැට හතරක් . 2023 අවුරුද්දට ආවේ483යි. 2024ට ආවේ 724යි. අවුරුද්දටම ව්‍යාපෘති අනු තුනයි.
චාමර සම්පත් මේ ආණ්ඩුවේ ඔක්කොම ෆේල් කිව්වනේ. ඔන්න පාස් එකක්. අපේ අපනයන වැඩිවෙලා තියෙනවා. ව්‍යවසායකයෝ අද බදු ගෙවනවා. මොකද ඒ අය දන්නවා බදු වංචා වෙන්නේ නෑ කියල.
COMMENTS
බොරු කියන්න එපා. පොල් ගෙඩිය 250/=, පොල් තෙල් 700/=..., ඩොලර් රට තුළට එනවා නම් බඩු මිල අඩුවෙන්න ඕනෑ...
සිනා නොවන්න. උගණ්ඩාවේ හංගපු සල්ලි ගෙනා අපට ආයෝජකයන් පෝලිමේ ගේන එක මහ කජ්ජක් නොවේ. ඒක හරියට නිදහස් උත්සවේ දවසේ කජු කෑවා වගේ සුළු දෙයකි.
බුහ හා, මේ මහත්තයාට අමතක වෙලා 2022,2023 කියන්නේ ලංකාව බංකොලොත් රටක් විදියට තිබුණු අවුරුදු දෙකක් කියලා, උන්නැහේලාට අනුව ඒ බංකොලොත් භාවයෙන් මුදවා ගත්තෙත් උන්නැහේලාම නේ, ඉතින් බංකොලොත් කාලෙක කවුද ආයෝජන කරන්න එන්නේ? මුන් මොලේ සැහෙන අඩු උන් ටිකක්, මුල කතා කරන දේ අගට යනකොට නිශේධනය වෙලා කියලා තේරෙන්නේ නැහැ..
කෝ ඒ සල්ලිවලට මාලිමා හොරු මොනවද කලේ? සීයගේ කාලේ රු 1000ට පොල්ගෙඩි 12ක් 14ක් ගත්තා... අපිට අද පොල් ගෙඩි 4ට වඩා ගන්න බෑ. හාල්, පොල්තෙල්, ලුණු පැකට් එක කීයද? කන බනේ විතරමද? මිනිස්සු L බෝඩ් කාරයෝ ගෙනැල්ලා අපිව හිඟන්නෝ කලා.
Rs 250 - Rs 1000 ඒවා වෙන්න ඇති...
මේ කියන්නේ පක්ෂයට ආපුවා. කළින් ආණ්ඩු වලින් ආපු ආයෝජන වලට කිව්වේ රට විකිණීම කියලා...
පරම සත්‍යය...
ඩොලර් කෝටි 65 ක් කියන්නේ ඩොලර් මිලියන 650ක්. ඒ කියන්නේ ඩොලර් බිලියනයක්වත් ආයෝජන ඇවිල්ලා නෑ කියන එක. හැබැයි හොරුයි හොරුයි කිව්ව පහුගිය ආණ්ඩුව කාලේ සිනොපෙක් වගේ ආයතන ලංකාවේ ඩොලර් බිලියන 3.5 ක් ආයෝජනය කෙරුවා. ඩොලර් මිලියන 65 ක් කියන්නේ ලංකාවේ වාර්ෂික දළ දේශීය නිශ්පාදිතයෙන් 0.8% යි. මෙහෙම කෝටි ගණන් කියද්දී මෝඩයෝ ඇන්දෙනවා. ඒක දන්න පචෝරිස්ලා වහල්ලුන්ව අන්ඳන්න සුරංගනා කථා වගේ පච කියවනවා.
පොල් , පොල් තෙල් කියන්නේ ආනයනය කරන දේවල් නෙමයි. ඒවාට ඩොලර් ඕනෑ නැහැ. එතැන තියෙන්නේ දේශීය නිෂ්පාදනය අඩුකම. පොල් නිෂ්පාදනය වැඩි කරන්න අඩුම තරමේ අවු 7 ක් 8ක්වත් අනිවාර්යයෙන්ම යනවා. දැන් තියන නිෂ්පාදනය අඩුවීමට හේතුව මීට අවු 5 කට 6 කට කලින් කිසිම පියවරක් මේ සම්බන්ධයෙන් අරගෙන නොතිබීම...
නතාව රවුමෙන් ගන්න බොරු කියන්න එපා. ඔබ මෙතුවක් කී කිසිම දැයක් සත්‍ය නොවේ .
හාල්, පොල්, ලුණු, බඩ ඉරිඟු පිටරටින් ගේන්න ඔය ආපු ඩොලර් ටික මදි...