
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිරිහාන ඇඹුල්දෙණිය ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතර තුර බස් රථ සහ වාහන රැසකට පහර දී ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් පිරිසක් හදුනාගෙන ඇති බවත්, ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවද මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේය.
මිරිහානේ සිද්ධියට 45ක් අත්අඩංගුවට
2022. 04. 01 | 06:44 A.M
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙණි, ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතර තුර බස් රථ සහ වහාන රැසකට ගිනි තිබූ බව කියන පුද්ගලයන් 45 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර එක් කාන්තාවක ද සිටින බව පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රී ඇති වූ එම කලහාකාරි තත්ත්වය අතර තුරු පොලිස් බසයකට,යුද හමුදා බසයකට,ජීප් රථයකට, ත්‍රිරෝද රථ කීපයකට හා යතුරු පැදි කීපයකට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබිණි.
මේ වන විට නුගේගොඩ - මහරගම මාර්ගයේ ඇඹුල්දෙණිය හන්දියෙන් මාර්ගය වසා දමා ඇති අතර ඉන් ඇතුළු විය හැක්කේ පාසල් වැන් රථවලට පමණකැයි ද පොලිසිය කියයි
මෙම ගැටුමින් දස දෙනකු පමණ තුවාල ලබා තිබුණි. තුවාල ලැබූවන් අතර පොලිසියේ පස් දෙනකු ද සිටින බවත් ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.
(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)






(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං අර 45 දෙනා වෙනුවෙන් පෙනී හිටින්නේ කවුද . තනියම මහ උළු ගෙදර බත් කන්න වෙන්නේ .
නැහැදිච්ච මෝඩ අමන මිනිසුන් . උඩ බලාගෙන කෙල ගහ ගන්නවා. මේවා විරෝධතා නෙවෙි. 89 කාලෙ වගේ රටම ගිනි තියන්න කරන උත්සහායන්. නිහඬව විරෝධය පෑවනම් කොතරම් ලස්සන ද ?
බස් එක ගිනි තිබ්බේ සිවිල් ඇඳුමෙන් හිටපු හමුදා බට්ටෙක්...!!! පොලිසියෙන් ඔහුව ආවරණය කළා. වීඩියෝ බලපු ඕනෑම කෙනෙකුට ඒ අයව පැහැදිලිව අඳුනා ගන්න පුළුවන්. පොලිසියත් හමුදාවත් හොඳින්ම දැනගත යුතු එක පැහැදිලි දෙයක් ඇත. ඒ තමයි රාජපක්ෂ මිනීමරු හොර හැතිකරයම නැති බන්ගස්ඨාන වෙන එක අනිවාර්යයි. වැඩියම දඟලන්න පටන් ගත්තොත් ගදාෆිට අත්වුණ ඉරණම කට්ටියටම අත්වෙන්න පුළුවනි.ඊට පස්සේ හොර පවුලට උදව්කල පොලිසියේ සහ හමුදාවේ බත් බලයන් ඔක්කොටමත් අනිවාර්යයෙන්ම ගෙදර හෝ සිරගෙදර ජිවිතයේ ඉතිරි කාලය ගෙවා දමන්න වේවි.එනිසා පොලිසියේ සහ හමුදාවේ කට්ටියට කියන්නේ රාජපස්සලාගේ පව් ඔබලාගේ කරට ගන්න එපා.
අපි ළඟ පින්තූර තියෙනවා වාහන, මෝටර් සයිකල් ගිනිතිබ්බ අයගේ... ඒ සියලු දෙනාම හමුදාවේ අය...
මේ අමාරු අවස්ථාවේ අනවශ්‍ය දේවල් ඉල්ලීම් නොකර තියන දේවල්වලින් ප්‍රතිකාර කරන්න දොස්තර මහත්තයා...!
ජනතාව කරුණාකර පොදු දේපල විනාශ නොකර, පුද්ගල හිංසා නොකර ඔබ පළාතේ සිටින ඇමතිවරුන්ට විරුද්ධවත් මෙවැනි විරෝධතා දිගින් දිගටම කරන්න
රටේ අහේනියම පතන, 71 බස් ගිනි තැබූ ත්‍රස්තයින් නැවත ඒ දේම කරනවා..
ඔය ජෙප්පෝ පොස්ට්ර් ගහන්න කිව්වම පෝස්ටර් ගහනවා, හු කියන්න කිව්වාම හු කියනවා මරන්න කිව්වාම හාමුදුරු ගොල්ලන්වත් මරනවා. වටලපන් කිව්වාම ඌරු කොටුවක් උනත් වටලනවා 1989 වර්ජනය කරපන් කිව්වාම වර්ජනය කළා ව්‍යාපාරිකයෝ කර්මාන්ත අකුලාගෙන බනගලිදේශයට ගිය ජෙප්පෝ පවුල් පිටින් නන්නත්තාර උනා. ඒ සෙට් එක ජීවීපිය අත් හැරියා. ඊටපස්සේ කානු කපපු කට්ටිය අලුතතෙන් පටන් ගත්තා. ඔවුන් දෑකත්තයි මිටියයි ලාංචනයට දාගෙන අපි ප්‍රගතිෂීලී කියනවා. නකුටු ජෙප්පෝ හුරේ දානවා. අලුත් ජෙප්පන්ට එලවන්න ව්‍යාපාරිකයෝ මෙරටේ නැහැ. මේ ජෙප්පෝ එලවන්නේ පවතින රජය ඊට පස්සේ උන්ගේ කටෙත්පස් අපේ කටෙත් පස්. ජෙප්පොනම් මකබෑවිලා ගියත් අපිට කමක් නැහැ.
ඔන්න ලේ සැලෙන විප්ලව පටන් අරන්. ටයර් සෑයවල් පටන් ගනී වගේ? බස් කාර් වැන් ගිනි තියන්න පටන් අරගෙන හැබැයි අපි ප්‍රගතිශීලී ලු. ටයර් වලින් සෑය බදීමි ඔලු ටික කණු වලට තියමි
ආමි එකෙන් තමයි ගිනි තිබ්බේ. වතුර උගුරක් දෙන්න එපා...
කටුවපිටියේ දේවස්ථානයට බෝම්බය රැගෙන ආ පුද්ගලයා පැමිණි ආකාරයටම තමයි මේ ගිනි තියාගත් පුද්ගලයා පිටේ බෑග් එකක් එල්ලගෙන ආවේ. පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් කඩවලට ගිනි තියපු තාක්ෂණයෙන්ම තමයි මෙතනත් ගිනි තිබ්බේ. අනික ගිනිකූරු පත්තු කරලා මෙහෙම ගිනි තියන්න බැහැ. පාලකයිනි, නුඹලා මේ කරන තක්කඩි වැඩවලට ධර්මය විසින් නුඹලාට දඬුවම් දෙන දවස වැඩි ඈතක නැහැ. පීඩාවට පත්ව සිටිමින් උද්ඝෝෂණයට සහභාගී වූ නිර්භීත ජනතාවට අපගේ ගෞරවනීය ප්‍රණාමය..!!!
අනුරාධපුරේ ඥාණක්කාගේ දේවාලේ සහ හෝටලේ මුරකරන හමුදාවම කොළඹදී තම බස් රථ වලට ගිනිතියාගනී...
අවුරුදු 13 කට ඉස්සර ආමි එක ඔලුව උඩ තියාගෙන නටපු සිංහලයෝම දැන් ආමි එකට දොස් පවරනවා. මේ තත්වයට වගකියන්න ඕනෙත් මේ දේශපාලුවන්ම තමයි. මේ අයව ආරක්ෂා කරන්න ගිහින් තමයි හැමදාම ලාංකිකයා දෙකඩ වෙන්නේ... ඒක දැනගෙන වැඩ කරන්න..
මේ 2022, දැනගනිල්ලා, 2019 කළ විදිහට අපිව රවටන්න බොලාට බැහැ. හමුදාවේ බස් ගිනි තියලා යනතුරු හමුදාව උඩ බලාගෙන හිටියද? ජනාධිපතිගේ ස්කොඩ් එකේ ගිනි නිවන උපකරණ නැද්ද? මේවා කියපල්ලා කොණ්ඩේ බැඳපු චීන්නුන්ට...!
වසල රජා භංග වේවා. උද්ඝෝෂණයේ යෙදුණු අහිංසක, අසරණ පිරිස් තවත් අසරණ කීරීමට හොර පාලකයින් කළ තවත් නරුම වැඩක් මේ ගිනි තැබීම...
වාහනවලට ගිනි තිබ්බේ හමුදාවෙන්, ඒක පැහැදිලිව පෙනුණා. හමුදාවෙත් ඉන්නවනේ කටු සූප්පු කරන්න කැමැති කට්ටිය. වෙන රටක නම් හමුදා නායකයින් මෙලහකටත් මේ දුෂ්ඨ පාලකයින්ව හිරභාරයට අරගෙන ඉවරයි. අපට කොයින්ද එච්චර රටට ආදරය කරන, ජනතාවට ආදරය කරන හමුදා නායකයින්..!
සාමය...!
ඊය් බස් ගිනි තිබ්බේ ආණ්ඩුව... 89 කොල්ලො කෙල්ලො මැරුවේ ආණ්ඩුව, 83 කළු ජුලිය කළේ ආණ්ඩුව, 70 ගණන් වල තරුණයින් මැරුවේ ආණ්ඩුව... හැබැයි කියන්නේ අන්තවාදීන්, ත්‍රස්තවාදීන්, විප්ලවකාරීන් කරනව කියායි...
ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දය අත්‍යාවශ්‍යයි.
හදවත් රෝගියෙක් වන ජනාධිපතිතුමා මෙහෙම හිතනවා ඇති. මම අවංකව මේ රට හදන්න හිතුවා. ඒත් මට වැරදුණා. අද මුළුරටම මට එරෙහි වෙලා.
අත් අඩංගුවට ගන්න ඕනෑ. පොලිසිය සහ යුද හමුදාවේ ඉන්න අය.. පරම්පරාවලටම හෙණ ගහන්න ඕනෑ..
ආහ්- එතකොට 71, 89, ත්‍රස්යින්... එදා ඒ අපරාධකාරී කුරිරු ක්‍රියා නොකළේද, සෙල්ලම්, හැංගි මුත්තන් ද කලේ..? අවුරුදු 60 කට පසු නැවත එවැනිම දේ කරන්නේ හුරුව ඇති නිසයි. අත්අඩංගුවට ගත් අයට නිදහසක් නොදිය යුතුයි.. 83 කළු ජූලියේ වූ විනාශ දෙමළ කොටි සෙල්ලම් පිස්තෝල ඇතැතිව විනෝද ගමන් ගියාද?