(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දකුණු පලාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ ස්ථාන මාරු කිරීමට එරෙහිව ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාට යවන ලද ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කිරීමට නියමිතව ඇත.
මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් ඒකමතික තීරණයක්ගෙන තිබිණි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට මෙම ලිපිය ඉකුත් 25 වැනිදාය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුව ලබාදීමට කලින් අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 13 ගේ දෙනකුගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි කියයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයාට යැවූ ලිපියේ ද සඳහන් කර තිබේ.
එම නිසා එම සාකච්ඡාවට සහභාගි වූ පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දහතුන් දෙනා ද කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයි කියති.
දකුණු පලාත් භළාත් බාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුවීම ලබා දෙනු ලැබුවේ ජාතික පොලිස් කොමිසමේ පූර්ණ අනුමැතියට යටත්ව බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් පැවසීය.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව තමාට ලබා දී ඇති අනීතික ස්ථාන මාරු නියෝගය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බව සඳහන් කරමින් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට ද ලිඛිතව දැනුම් දී තිබිණි.
රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් සිදු කිරීමට බලය ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවට වන අතර එම කොමිෂන් සභාව මගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මාරුකිරීම් අනුමත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලයක් ලබාදී නොමැති බව ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ලේකම් වරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුනත් නිළධාරින්ට කෙළින්ම පොලිස් කොමිසම වගේම රාජ්‍ය සේවා කොමිසම වෙතට ලිපියක් කෙළින්ම යවන්න අවසර නැහැ ..ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම් වෙතට උනත් ලිපියක් යවන්න ඕන තමන්ගෙ ආයතන ප්‍රධානියා මගින් පමණයි .ඒ සමග සියලු රජයේ නිළධාරින් මෙන්ම සේවකයින් රාජකාරි ලිපියක් ලියන්න ඕන කොහොමද කියලා ආයතන සංග්‍රහයේ සදහාන් වෙනවා. ඇත්තටම පොලිස්පති තනතුර බලාගෙන ඉන්න නිළධාරියෙක් ආයතන සංග්‍රහය නොදැන සිටීම ඉතාමත් දුර්වල කමක් කියන්න පුළුවන්. ආයතන සංග්‍රහයේ විධිවිධාන නොසලකා හැරීමත් විනයානුකූලව කටයුතු කරන්න පුළුවන් බව දැක්වෙන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත්කර තියෙනවා කියලා මතකයි
මේ චාන්ස් එකෙන් මේ අයව ගෙදරම යවලා මේ මේ අර අර අරයව ඉහලම පුටුවට පත් කර ගමු කට්ටියම එකතු වෙලා
ඔන්න මේ රටේ නීතිය ක්‍රියාත්මක වන අපූරු ආකාරය .. ටිරාන් හා ඔහුගේ ලේකම්,පොලිස්පති ඇතුළු සාකච්චාවට සහභාගී වූ පොලීසියේ උසස් නිලධාරීන් පොලිස් කොමිසමේ බලතල වලට ඉහළින් කටයුතු කරලා.අජිත් රෝහණ මහතාට මේ ලෙස වෙනස්කම් කරන්නේ, ඔහුට පොලිස්පති තනතුර අහිමිකොට එය දේශබන්දුට ලබා දෙන්න යැයි කසුකුසුවක් පැතිරෙමින් පවතී.
මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට..... මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට...මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට... සිරිලංකාවේ...සිරිලංකාවේ..බම්බුව තමා.
මෙයාලා කරන්නෙ රාජ්‍ය සේවය විධිමත් කිරීමක් නොවෙයි. රාජ්‍ය නිලධාරීන් කලකිරවල රාජ්‍ය සේවය බිඳවැට්ටවීමක් කරන්නේ. පරීක්ෂණ කරන්න ඕන හිතුවක්කාරී තීරණ ගන්න දේශපාලකයන් සම්බන්ධව.
ලංකාවේ කොමිෂන් සභා කියන්නෙ අමූලික බොරැවක් . විශේෂයෙන්ම පොලිස් කොමිෂන් සභාවයි,මා හොදින් ම දන්නා දකුණු පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. මේදෙකම ගැන මට හොද අත්දැකීමක් තියෙනවා. නීතියට මෙන්ම මහජනතාවට ඉතාමත්ම අගනා සේවයක් කරන කොමිෂන් සභාවක් තමයි තොරතුරැ කොමිෂන් සභාව. මම ඒකට ගරැ කරනවා.මම අවුරැදු 11 ක් රස්සාව නැතිව හිටපු විදුහල්පතිවරයෙක් . ගරැ අභියාචකාධිකරණය නිසා මට ඉහළම සාධාරණය ඉටු වුනා. ඒ්ත් අදටත් දකුණ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු තරන්නේ ගරැ අභියාචනාධිරකණ නඩු තීන්දුව සමච්චලයට ලක් කරමින්.එහි සභාපති පමණක් සතියට එක දිනක් එම දිනයේදී පැය දෙකක් වැඩ කරල මාසෙකට රැපියල් ලක්ෂ එකහාමාරකට වැඩි ආදායමක් ගන්නවා.පොලිස් කොමිෂම ගැන මට හොද අත්දැකීම් තියෙනවා.කොමිෂන් සභා බොහොමයක් කරන්නේ දේශපාලකයින්ට ඕන දේවල්.ඒ නිසා ගරැ අධිකරණයනට යන්න. අපිට යුක්තිය ඉටු කර ගත හැකි එකම තැන ගරැ අධිකරණයයි. මම ඔබගේ සෘජු භාවයට ගරැ කරනවා.ඒක සමස්ත සමාජයම වෙනුවෙන් කරන සේවයක් .
චින්තක මහත්තයෝ ! රාජ්‍ය නිලධාරියෙක් විසින් තමන් විසින් කළයුතු නීත්‍යානුකූල රාජකාරියක් පැහැර හැරීම සම්බන්ධයෙන් ක්‍රියා කළයුතු ආකාරය දැන් ඔය ඉන්න පොලිස්පති ලොක්කා දන්නේ නැතුව ඇති. කෝල් එකක් අරන් එතුමාට ඒක කියලා දෙන්නකෝ. මේ ගොල්ලන් කවුරුවත් ඔය ආයතන සංග්‍රහ තියා මොන බම්බුවක්වත් දන්නෑ දොරේ.
මේක අජිත් රෝහණගේ පුද්ගලික ප්‍රශ්නයක්... තමතමන්ගේ වැඩක් බලාගෙන ඉන්න. තමන්ගේ ප්‍රශ්න කෝටියක් තියාගෙන අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගෙන මෙතන වැළලෙන්න හදන ගොන්නු ඉන්න රටක්...
හොඳටම ආණ්ඩුවට කඩේ ගිය කෙනෙක්. අන්තිමට කවුරුවත් නැහැ. දිට්ඨ ධම්ම වේදනීය කර්මය තමයි...
චින්තකගේ මොලේ තිබුණට නුවණ නැහැ. දන්නේ නැති දේ හා බොරුව ඇත්ත කර පෙන්වීමට ලියන වැකි දේශපාලුවන් වැනිය.
අපේ රටේ වැඩ සිද්ද වෙන්නේ දේශපාලුවන්ට සහ ඔවුන්ගේ හෙන්චයියන්ට ඕනෑ විදියට.. ස්වාධීන කොමිෂන් තිබ්බා කියලා වැඩක් වෙන එකක් නැහැ...
ජ්‍යෙ නි පොලිස්පති වරුන් අතර ජ්‍යෙෂ්ටත්වයෙන් අජිත් රෝහණට ඉහලින් නව දෙනෙකු පමණ ඉන්නවා . ඒ සියලුදෙනාම සහකාර පොලිස් අධිකාරී වරුන් ලෙස පොලිසියට බැඳුනු අය . අජිත් රෝහණ පොලිසියට බඳුනේ උප පොලිස් පරීක්ෂකයෙකු හැටියටයි . ඔහු සමග කිසිදු කෝන්තරයක් නැහැ . නමුත් ඔහුට පොලිස්පති තනතුර කලින් ඊට සුදුසු තව නවදෙනෙකුම ඉන්න බව මේ රටේ රටේ බොහෝ අය දන්නේ නැහැ . අජිත් රෝහණ කියන්නේ ඔහු විසින්ම මාධ්‍ය හරහා පුම්බවා ගත චරිතයක් බව බොහෝ අය දන්නේ නැහැ . රිචර්ඩ් අලුවිහාරේ කියන්නේ ලංකාවේ පලමු සිහල පොලිස්පති . ඔහු සිවිල් පරිපාලන නිලධාරියෙක් . පොලිස්පති තනතුර සිවිල් පරිපාලනයේ දිසාපති තනතුරට සමාන තනතුරක් . මෙවර පොලිස්පති තනතුර වෙනුවෙන් ඇතිවී තිබෙන බලු පොරය නිසා රිචර්ඩ් අලුවිහාරේ වැනි ජෙෂ්ට පරිපාලන නිලධාරියෙකු පොලිස්පති ලෙස පත්කිරීම සුදුසු යයි මා සිතනවා.
රටේ කරන්න මෙච්චර වැඩ තියෙද්දී මොවුන් කරන දේවල්. මොවුන්ට වෙන වැඩ නැතුව ඇති ආයතනවල... රටක් මෙහෙමවත් ඉතුරුවෙන එක පුදුමයි. ලියුම ගැන හොයනවා. ඊළඟ එකට මුද්දරේ අලවපු එකා ගැන හොයනවා එහෙම දිගටම හොයන්න කමිටුවක් දාන්න තියෙන්නේ... අනේ අම්මපා මෙහෙමත් රටක්...
ඕක ඇත්ත පොලිස් කොමිසමට ලබා දී ඇති බලය කාටවත්ම පැවරිය නොහැකියි. ඛල්ලගේ වැඩේ බූරුවා කරනවා...
චින්තක, ආයතන සංග්‍රහයට පිටතින් කටයුතු කරන්න වෙන වෙලාවල් තියෙනවා. ඔබ හිතනවා නම් ආයතන ප්‍රධානියා මේ ලියුම ඉහළ තැන්වලට යොමු නොකරයි කියලා.., කෙලින්ම අමාත්‍ය්‍යාංශ ලේකම්ට කරුණු දැක්විය හැකියි. විශේෂයෙන් මෙවැනි හදිසි මාරුකිරීම් වැනිය. ඊට හේතුව නියෝගය ක්‍රියාත්මක කිරීමෙන් පසුව එය ආපසු හැරවීම ඉතා අපහසු කටයුත්තක් නිසා...
ආයතන ප්‍රධානියාට විරුද්ධව පැමිණිලි කරන්න කියන්නේ එයාටමද?
සපත්තු ලෙවකා නකුටවනා ලබා ගත්තු තනතුර කොවිඩ් කාලයේදී මාධ්‍යවලින් බොරු ප්‍රතිරූප හදාගෙන නඩත්තු කරපු කෙනෙක් ගිහින් තියෙන උඩක්.. දේශබන්ධුලා සහ අජිත් රෝහණලා කියන්නේ එකම කාසියක දෙපැත්ත වගේ චරිත විතරයි..