IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මර්ධනයට එරෙහි විරෝධයේදී සජිත්ට විරෝධයක්

(ඉන්දිකා රාමනායක)

‘‘මර්දනයට, ආර්ථික පීඩනයටල එරෙහිව නැගී සිටිමු‘‘ මැයෙන් රජයට එරෙහිව දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති,බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට සහභාගි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු දේශපාලනඥයන් පිරිසකට විරෝධතාකරුවන්ගෙන් විරෝධය එල්ල විය.

මෙම විරෝධතා නිසා සජිත් ප්‍රේමසාද මහතා ජනහමුව නවත්වා පැමිණි සිටි පිරිසගේ හූ හඩ හා විරෝධය මැද ස්ථානයෙන් දී පිටව ගියේය.

මරදානේ සිට කොටුව දක්වා ගමන් ගත් මෙම විරෝධතා පා ගමනට පිටකොටුව පාවෙන වෙළඳ අසලදී පොලිසිය බාධා කළේය. දේශපාලනඥයන් එම විරෝධතාව ඉදිරියට ගමන් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් උරණ වූ විරෝධතාකරුවන් ඔවුන්ට විරෝධය එල්ල විය.

ලොරියක තුළ සකස්කළ වේදිකාවක් මත සිට ජන හමුවක් පැවැත්වීමට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලනඥයන් උත්සහ ගත්ත ද පිරිසගේ විරෝධතාව හේතුවෙන් එය අතර මග නැවැත්වීමට සංවිධායකයෝ පියවර ගනු ලැබූහ.

ඒ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  මාධ්‍යයට  ප්‍රකාශ ලබා දුන් අතර ඒ අවට සිටි  පිරිස ඔහුට හූ හඩ එල්ල කරමින් විරෝධය පලකර අතර , පිරිසගේ හූ හඩ මැද සජිත් ප්‍රේමදසා මහතා ඇතුලු දේශපලනඥයෝ රැසක් එම ස්ථානයෙන් පිටව ගියහ.

 



අදහස් (25)

මර්ධනයට එරෙහි විරෝධයේදී සජිත්ට විරෝධයක්

fairoos Wednesday, 02 November 2022 07:38 PM

නාමල්ගේ ගෝලයෝ වෙන්නැති.

:       70       34

මැක්ස් Wednesday, 02 November 2022 09:39 PM

ෆෛරුස් ගොයියෝ , දේශපාලනේ කියන්නේ රටේ වෙන හැම දේටම තමන්ගේ විරුද්ධවාදීන් පූට්ටු කරලා කොමෙන්ටු දාන එක වත්, ඔලුවට එන හැම මනස්ගාතයක්ම රාජපක්ෂ කෙනෙක් පිට පටවන එකට එහා ගිය දෙයක්. හැමදාම බාලන්ශේ ඉන්නේ නැතුව අඩු තරමේ එකේ පන්තියට වත් එන්න බලන්න.

:       6       10

gunarathnaThursday, 03 November 2022 07:01 AM

නාමල්ගේ ගෝලයෝ හූ කීවානම් අරගල කරුවන්ට තිබුනානේ උන්ට ගහලා එලවන්න.හැම බගුලටම රාජපක්ෂලා අල්ලගන්න රාජපක්ෂ භීතිකාව අත් හරින්න කැමතිම නැහැ .ස්ටාර්ලින් ගිහිල්ලනේ සජිත්ටයි සිරිසේනටයි ආරාධනා කෙරුවේ.ඒ මිනිහට තිබුනානේ අරගල කරුවන්ව නතර කරන්න .මට පේන්නේ ස්ටාර්ලින්ලා එකතු වී සජිත්ව අමාරුවේ දාන්න කරපු වැඩක් කියලා මමනම් කියන්නේ

:       5       9

BamunuarachchiThursday, 03 November 2022 07:25 AM

මම නාමල්ට කැමති කෙනෙක් නොවෙයි එත් පිලිගන්නවානේද නාමල් තාම බලවත් කියලා. එක හිතේ තියාගෙන වැඩකරන්න. මේ සිංහල බෞද්ද රටක්.

:       18       5

sharm warnThursday, 03 November 2022 04:07 PM

බමුණා කවද්ද රාජපක්ෂලාගේ වැරද්දක් දැක්කේ?දැන් මොකද මේ පාර මාරු වෙලා ?

:       0       1

ChinthakaThursday, 03 November 2022 11:26 AM

නියම අරගලකරුවෝ කියන්නේ මේ 225 ම එපා කියලා , ඉතින් විපක්ෂ නායක කියන ජෝකර්ට මිට වැඩිය දෙයක් කලත් කමක් නැහැ අනේ නානා ඔයාලටත් ඕනේ ඉතින් මේ වාගේ පඹයෙක් තමයි.

:       4       4

Bamunuarachchi Wednesday, 02 November 2022 07:47 PM

දැන් තේරෙනවද? අත්දැකීම් අඩුකමේ විපාක.... කාගේවත් අරගලයකට කොක්කක් දාගන්න ගිහිල්ලා වෙච්චි දේ. ලැජ්ජා නහර කපලා හින්දා ඕවා දැනෙන්නේ නැහැ...

:       27       91

කිරිපුතා Wednesday, 02 November 2022 07:50 PM

කුණු එකතුවුණාට ගඳ වෙනස් නිසා ගැටෙනවා...

:       14       66

යෝගා Wednesday, 02 November 2022 08:35 PM

කිසිම දුර දක්නා නුවණක්, ඉදිරි වැඩ පිලිවෙලක් නැති විපක්ෂ නායක ගුටි නොකා බේරුණා ඇති... මේ මනුස්සයාට මොලේ තියෙන එක උපදේශකයෙක්වත් නැද්ද?

:       0       0

chandima Wednesday, 02 November 2022 08:57 PM

කලින් වතාවේ ගුටි කෑවා .මේ වතාවේ හූ කෑවා .දැන් තේරෙනවනේ බෝඩ් ගහගෙන විපක්ෂ නායක වෙන්න බැහැ කියලා

:       2       6

මහසෙන් Wednesday, 02 November 2022 09:02 PM

ගෝල් ෆේස් එකේ උන සිද්දියේ ඉතුරු කොටස.මෙයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.රට බාර දෙන්නම ඕනා මෙයාට.

:       2       4

de silva Wednesday, 02 November 2022 09:18 PM

සංවිධායකයන්ගේ ආරාධනයෙන් ආණ්ඩුවට විරුද්ධ විරෝධතාවයට සහභාගී වෙන විරුද්ධ පක්ෂවල පුද්ගලයෝ හූ කියලා එළවලා දමනවානම් ලබන පාර ඕවාට මිනිස්සු එන එකක් නැහැ .සියලුදෙනාම එකතුවෙලා සටන් නොකලොත් වෙන්නේ අර වටුවන්ට උන වැඩේ

:       5       5

Prabha Wednesday, 02 November 2022 10:56 PM

වොයිස් කට් දෙන එකයි මහ පාරේ සටන් කියන්නේ දෙකක්.මෙයා දන්නේ මයික් පලන්න විතරයි

:       4       7

saliya Wednesday, 02 November 2022 11:57 PM

ආර්ථිකය කඩා වැටුනු වෙලාවේ, වෙන රටක නම් විපක්ශ නායකයා තමයි ඉදිරියට ඇවිත් මිනිස්සු වෙනුවෙන් යමක් කරන්නේ. වගකීම් විරහිත පුද්ගලයෙක්.

:       3       11

සංජීව ගමගේ Thursday, 03 November 2022 01:14 AM

රණසිංහ ප්‍රේමදාස අහලකවත් තියන්න බැහැ .තනිකරම කොළඹ සන්නිය වගේ .පිස්සු මරගාතයක්. මෙලෝ රහක් නැහැ. කියන්නේ එකක් කරන්නේ තව එකක්. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.

:       3       11

Demuni Uduwara Thursday, 03 November 2022 02:35 AM

It seems govt henchmen have hooted him !

:       7       2

Perera Thursday, 03 November 2022 06:49 AM

එක පාරක් යන්තම් ගුටි නොකා පැනලා ගියා

:       2       9

චන්දන Thursday, 03 November 2022 06:52 AM

තමන්ගේ පෞරුෂය හදාගන්නේ නැතිව අනුන් මත යැපිලා බලයට එන්න ගියාම ඕක වෙනව.

:       2       11

Buddika Thursday, 03 November 2022 08:39 AM

මේ ගල්බමුනාට පුදුම අමාරුවක්නේ තියෙන්නේ .පහුගිය කාලේ පුරාවටම කමෙන්ට් කලේ රාජපක්ෂලාගේ කුණු හෝදන්න.මන් හිතන්නේ මිනිහා ඒක කාලා යකාෆි මැදමුලනට වැසිකිලි සේදුවත් එක්ක .මේ වගේ කුහකයෝ තමයි රට කෑවේ .මහා හොරකම් දකිමින් රාජපක්ෂලාට කඩේ ගියේ

:       5       7

senaThursday, 03 November 2022 10:34 AM

ඒ මනුස්ස්යාට කඩේ ගිහින් කීයක් හරි හොයාගෙන ජීවත් උනාට ඔයාට ඇති අමාරුව මොකද්ද?

:       3       6

BamunuarachchiThursday, 03 November 2022 05:31 PM

කුහක කියන එකේ තේරුම දන්නවාද? තේරුම දැනගත්තාම හිතේවි බමුණා නොවෙයි කුහක මමයි කුහකයා කියලා. රාජපක්ෂලාට පක්ෂව තාමත් කමෙන්ට් කරනවා හේතුව 1977 පසුව මහින්ද තරම් රටට වැඩක් කරපු එක නායකයෙක් නැහැ. එහෙම නායකයෙක් ඉන්නවානම් කියන්න. අවුරුදු 30 යුද්දය නිමාකරගන්න බැරුව යුද්දය හිඟන්නාගේ තුවාලය කරගෙන හිටියා. මහින්ද බලයට නොඑන්න ඔහෙලත් පවුල් පිටින් කොහේ හෝ පාරක බෝම්බෙකින් මිය පරලොව ගිහින්. මම කතා කරන්නේ පොහොට්ටුවට පක්ෂව නොවෙයි මහින්දට පක්ෂව. විරුද්දව කියන්න තිබෙනවානම් කියන්න ගොන් පාට දමන්නේ නැතුව.

:       1       3

BamunuarachchiThursday, 03 November 2022 05:40 PM

නමින් බුද්ධික උනාට අමු මෝඩයෙක් ඔහේ කෑම කන්න ගියාම ඔහේ කන්නේ පාන් නම් බත් කන මිනිහා දිහා බලලා කියනවද ඇයි තමුසේ බත් කන්නේ කනවකෝ පාන් කියලා. එහෙනම් කාගේවත් දේශපාන කමෙන්ට් බලල ඇයි තමුසේ රාජපක්ෂලා පක්ෂව කමෙන්ට් කරන්නේ අපේ පැත්තට පක්ෂව කමෙන්ට් කරවකෝ කියන්නේ මොකද? මේවගේ ගොන්නු ඉන්න පක්ෂෙකට එනවා තියා බස් එකකටවත් මම නගින්නේ නැහැ.

:       1       2

sam Thursday, 03 November 2022 11:54 AM

මයිනලාගේ පවුලේ හෙංචයියෝ අනුර කුමාරගේ ගෝල බාලයෝ, බටලන්දගේ ඇම්බැට්ටයෝ තමයි ඔය හූ කියලා මේ අරගලය කඩාකප්පල් කරන්න හදන්නේ. ඔය කසිප්පු කාලට හූ කියපු එවුන්.

:       0       2

SUNIL MILANO Thursday, 03 November 2022 01:54 PM

මැක්ස් ඔබ හරියටම හරි. මේ ෆෙරෝස් කියන්නේ රාජපක්ෂ භීතිකාවක්. කමෙන්ට් එකක් දැම්මොත් දොස් කියන්නේම රාජපක්ෂවරුන්ට. අනෙක් කාරනේ තමයි බමුණුආරච්චි. මෙතුමාගේ ගොඩක් කමෙන්ට්ස් මමත් අනුමත කරනව.

:       2       3

රටගැතියෙක් Thursday, 03 November 2022 11:54 PM

ඔන්න ඔය විපක්ෂ නායක කම සරත් ෆොන්සේකා මහත්තයට හරි දීල දාන්න. මේ වෙලාවේ ඔහොම හූ කනවා කියන්නේ ඔබතුමාට කොහෙත්ම මිනිස්සු කැමති නෑ. තව ඉස්සරහට මිනිස්සු මොනවා කරයි ද දන්නේ. නෑ. ඔය 225 එපා කියලනේ දෙය්යනේ මිනිස්සු කියන්නේ. සිංහල තේරෙන්නේ නැද්ද. පණ ඇති විපක්ෂ නායකයෙක්නම් මේ තියෙන විදිහට රජයක් පිහිටුවල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 211 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 549 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site