(ඉන්දිකා රාමනායක)
‘‘මර්දනයට, ආර්ථික පීඩනයටල එරෙහිව නැගී සිටිමු‘‘ මැයෙන් රජයට එරෙහිව දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති,බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට සහභාගි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු දේශපාලනඥයන් පිරිසකට විරෝධතාකරුවන්ගෙන් විරෝධය එල්ල විය.
මෙම විරෝධතා නිසා සජිත් ප්‍රේමසාද මහතා ජනහමුව නවත්වා පැමිණි සිටි පිරිසගේ හූ හඩ හා විරෝධය මැද ස්ථානයෙන් දී පිටව ගියේය.
මරදානේ සිට කොටුව දක්වා ගමන් ගත් මෙම විරෝධතා පා ගමනට පිටකොටුව පාවෙන වෙළඳ අසලදී පොලිසිය බාධා කළේය. දේශපාලනඥයන් එම විරෝධතාව ඉදිරියට ගමන් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් උරණ වූ විරෝධතාකරුවන් ඔවුන්ට විරෝධය එල්ල විය.
ලොරියක තුළ සකස්කළ වේදිකාවක් මත සිට ජන හමුවක් පැවැත්වීමට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලනඥයන් උත්සහ ගත්ත ද පිරිසගේ විරෝධතාව හේතුවෙන් එය අතර මග නැවැත්වීමට සංවිධායකයෝ පියවර ගනු ලැබූහ.
ඒ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට ප්‍රකාශ ලබා දුන් අතර ඒ අවට සිටි පිරිස ඔහුට හූ හඩ එල්ල කරමින් විරෝධය පලකර අතර , පිරිසගේ හූ හඩ මැද සජිත් ප්‍රේමදසා මහතා ඇතුලු දේශපලනඥයෝ රැසක් එම ස්ථානයෙන් පිටව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්ගේ ගෝලයෝ වෙන්නැති.
දැන් තේරෙනවද? අත්දැකීම් අඩුකමේ විපාක.... කාගේවත් අරගලයකට කොක්කක් දාගන්න ගිහිල්ලා වෙච්චි දේ. ලැජ්ජා නහර කපලා හින්දා ඕවා දැනෙන්නේ නැහැ...
කුණු එකතුවුණාට ගඳ වෙනස් නිසා ගැටෙනවා...
කිසිම දුර දක්නා නුවණක්, ඉදිරි වැඩ පිලිවෙලක් නැති විපක්ෂ නායක ගුටි නොකා බේරුණා ඇති... මේ මනුස්සයාට මොලේ තියෙන එක උපදේශකයෙක්වත් නැද්ද?
කලින් වතාවේ ගුටි කෑවා .මේ වතාවේ හූ කෑවා .දැන් තේරෙනවනේ බෝඩ් ගහගෙන විපක්ෂ නායක වෙන්න බැහැ කියලා
ගෝල් ෆේස් එකේ උන සිද්දියේ ඉතුරු කොටස.මෙයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.රට බාර දෙන්නම ඕනා මෙයාට.
සංවිධායකයන්ගේ ආරාධනයෙන් ආණ්ඩුවට විරුද්ධ විරෝධතාවයට සහභාගී වෙන විරුද්ධ පක්ෂවල පුද්ගලයෝ හූ කියලා එළවලා දමනවානම් ලබන පාර ඕවාට මිනිස්සු එන එකක් නැහැ .සියලුදෙනාම එකතුවෙලා සටන් නොකලොත් වෙන්නේ අර වටුවන්ට උන වැඩේ
වොයිස් කට් දෙන එකයි මහ පාරේ සටන් කියන්නේ දෙකක්.මෙයා දන්නේ මයික් පලන්න විතරයි
ආර්ථිකය කඩා වැටුනු වෙලාවේ, වෙන රටක නම් විපක්ශ නායකයා තමයි ඉදිරියට ඇවිත් මිනිස්සු වෙනුවෙන් යමක් කරන්නේ. වගකීම් විරහිත පුද්ගලයෙක්.
රණසිංහ ප්‍රේමදාස අහලකවත් තියන්න බැහැ .තනිකරම කොළඹ සන්නිය වගේ .පිස්සු මරගාතයක්. මෙලෝ රහක් නැහැ. කියන්නේ එකක් කරන්නේ තව එකක්. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.
It seems govt henchmen have hooted him !
එක පාරක් යන්තම් ගුටි නොකා පැනලා ගියා
තමන්ගේ පෞරුෂය හදාගන්නේ නැතිව අනුන් මත යැපිලා බලයට එන්න ගියාම ඕක වෙනව.
මේ ගල්බමුනාට පුදුම අමාරුවක්නේ තියෙන්නේ .පහුගිය කාලේ පුරාවටම කමෙන්ට් කලේ රාජපක්ෂලාගේ කුණු හෝදන්න.මන් හිතන්නේ මිනිහා ඒක කාලා යකාෆි මැදමුලනට වැසිකිලි සේදුවත් එක්ක .මේ වගේ කුහකයෝ තමයි රට කෑවේ .මහා හොරකම් දකිමින් රාජපක්ෂලාට කඩේ ගියේ
මයිනලාගේ පවුලේ හෙංචයියෝ අනුර කුමාරගේ ගෝල බාලයෝ, බටලන්දගේ ඇම්බැට්ටයෝ තමයි ඔය හූ කියලා මේ අරගලය කඩාකප්පල් කරන්න හදන්නේ. ඔය කසිප්පු කාලට හූ කියපු එවුන්.
මැක්ස් ඔබ හරියටම හරි. මේ ෆෙරෝස් කියන්නේ රාජපක්ෂ භීතිකාවක්. කමෙන්ට් එකක් දැම්මොත් දොස් කියන්නේම රාජපක්ෂවරුන්ට. අනෙක් කාරනේ තමයි බමුණුආරච්චි. මෙතුමාගේ ගොඩක් කමෙන්ට්ස් මමත් අනුමත කරනව.
ඔන්න ඔය විපක්ෂ නායක කම සරත් ෆොන්සේකා මහත්තයට හරි දීල දාන්න. මේ වෙලාවේ ඔහොම හූ කනවා කියන්නේ ඔබතුමාට කොහෙත්ම මිනිස්සු කැමති නෑ. තව ඉස්සරහට මිනිස්සු මොනවා කරයි ද දන්නේ. නෑ. ඔය 225 එපා කියලනේ දෙය්යනේ මිනිස්සු කියන්නේ. සිංහල තේරෙන්නේ නැද්ද. පණ ඇති විපක්ෂ නායකයෙක්නම් මේ තියෙන විදිහට රජයක් පිහිටුවල.