
(යොහාන් භාසුර)
මරදාන ලොකට් පාරේ අතහැර දමා තිබූ නිවසක තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 78 ක ප්‍රමාණයක් කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය විසින් අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම හෙරොයින් තොගය කුඩා පාර්සල් ලෙස සකස් කර අදාළ නිවසේ සඟවා තිබූ බව පොලිසිය කියයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන නිලන්ත චන්ද්‍රසේකර සහ සමරකෝන් බණ්ඩා යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පෙරේරා මහතා වැටලීම මෙහෙය වීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd