(විනීතා එම් ගමගේ)
අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඉතා අයහපත් තත්ත්වයක ඇති බවත් එහි බොහෝ විට ඇත්තේ ඕපාදූප කථාකරන හා අනෙකුත් අපේකෂකයන්ට මඩ ගහන තත්ත්වයක් බවත් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් වන අපේක්ෂකයින් සියලූ දෙනා එකම වේදිකාවක දී අදහස් දැක්වුවහොත් ඡන්ද දායකයන්ට රට හදන්නට දැනුම ඇති අපේක්ෂකයා කවුදැයි පහසුවෙන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ යැයි ද ටිල්වින් සිල්වා මහතා පැවසීය.
එවැනි ප‍්‍රතිපත්තිමය සංවාදයක් සඳහා කටයුතු සංවිධානය කිරීම ඉතාමත්ම විරල යැයි ද මේ තුළින් රට හදන ප‍්‍රතිපත්ති පමණක් නොව ඒ ඒ අපේක්ෂකයාගේ දැනුම හා අවබෝධය ගැනත් අදහස් ලබාගත හැකි යැයි ද හෙතෙම කියා සිටියේය.
මෙය රටේ දේශපාලන අනාගතය කෙරෙහි ඉතා හොඳ බලපෑමක් සිදුකරනු ඇති බව ද සිල්වා මහතා කියා සිටියේය.
ජාතික ජන බලවේගය එක සිතින් ඊට එක්වන බවත් එහි දී තම අපේකෂකයා රට හදන්නට කරන්නේ කුමක්දැයි රටට ඉදිරිපත් කරනු ඇති බවත් ජවිපෙ ලේකම්වරයා එහිදී පැවසීය.
ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ එම පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමිනි.
මාර්තු 12 ව්‍යාපාරය විසින් ජනාධිපතිවරණයේ තරගවදින සියලූ අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් මේ මස 5 වැනිදා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාගාරයේ දී පැවැත්වීමට නියමිත සංවාදය සඳහා සහභාගී වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයාට ආරාධනා කිරීම සඳහා අද (1) පැමිණි එම ව්‍යාපාරයේ සාමාජිකයන් පිරිසක් සමඟ කළ සාකච්ඡාවෙන් පසුවය.
එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික සමන් හමන්ගොඩ මහතා කියා සිටියේ මාර්තු 12 ව්‍යාපාරය වශයෙන් සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දී ලබන 5 වැනිදා එකම වේදිකාවකට සියලූ අපේකෂකයන් එක්කිරීමට ගෙන යන වැඩපිළිවෙළට ජනතා විමුක්ති පෙරමුණ සහය දක්වන බව පක්ෂ ලේකම්වරයා පැවසූ බවය.
එය ඉතා හොඳ වැඩ පිළිවෙළකැයි ජවිපෙ පිළිගන්නා බව ටිල්වින් සිල්වා මහතා පැවසු බව ද හෙතෙම කියා සිටියේය.
මාර්තු 12 ව්‍යාපාරය ලෙස ප‍්‍රධාන අපේකෂකයන් එක තැනකට ගෙන්වා රට ගොඩ නැගීම ගැන ඔවුන්ගේ ප‍්‍රතිපත්ති සහ සැළසුම් ගැන සාකච්ඡාවක් සූදානම් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මෙම සාකච්ඡාවට මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජිකයන් වන රෝහණ හෙට්ටිආරච්චි, රවීන්ද්‍ර ද සිල්වා, සී සවරිමුත්තු, හේමන්ති ගුණසේකර යන මහත්ම මහත්මීහු ද පැමිණ සිටියහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා රට පනින්න හදන්නේ මේකට බයේද කොහෙද ?
එක්කෙනෙකුට මොලේ නැහැ. අනිත් එක්කෙනාට කොළේ නැහැ. අනුරට ජය!
1977 ජේ.ආර් බලයට එන්න පෙර ලෝකය සමග සසඳන විට අපේ රට තිබුනේ ඉතා නොදියුණු අවදියකය. 19 වන ශත වර්ෂයට පෙර නිපදවූ රූපවාහිනිය අපේ රටට ආවේ 1977න් පසුවයි. තාමත් පවතින්නේ 2015 දීත් සංශෝධනය වූ ජේ. ආර් හැදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.අපේ රටේ මිනිස්සු ලෝකේ දකින්න පටන් ගත්තෙත් මේ රූපවාහිනිය නිසයි. දැන්නම් ස්මාර්ට් දුරකථන ඇතුළු නොයෙකුත් ක්‍රම සහ විධි ඇත. 1977 ට පෙර තිබුනේ රට්ටු මෝඩයෝ කර සුද්දාගෙන් ලැබුණු පාර්ලිමේන්තු ක්‍රමයෙන් රාජ්‍ය බලය ලබාගෙන එදා හැටියට ධනයෙන් හා බලයෙන් උජාරුවට වැජඹෙමින් සිටීමට හා රට රට වල සවාරි ගැසීම පමණි. ඇන්.ඇම්ලා මහත් පරිශ්‍රමයකින් දේශපාලනීකරණය කළ ජන විඥානය තුලින් බිහි වූ තරුණ පිරිස් අතිධාවනකාරීව දුවන කෝච්චියට ගහලා නවත්වන්න කෝච්චියට පැන්නා වගේ පැවති රජයන්ට ගහලා බලය ගන්න ගිහින් කෝච්චියටම හැපී විනාශ වුණා.1971-1989 දක්වා කළ ඒ මෝඩකම නොකර ට්‍රොස්කි කියපු විදිහට පවතින ලෝකයේ ධනේෂ්වර උපායෙන් පීඩිතවුවන්ගේ සුභ සිද්ධිය අරභයා නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වීම නොහොත් නොනවතින විප්ලවය ධනපතියන් සමග ගැවසෙමින්ම කළ යුතුය. කිසිවෙකුට කෙදිනකවත් අංගසම්පුර්ණ වූ ලෝකයක් හෝ රටක් හෝ සමාජයක් සැදිය නොහැකි මුත් ඒ සඳහා වූ බලපෑම අවැසිය.
ගෝඨාභය රෝගියෙක්.ඔහුට රට පාලනය කරන්න බෑ.යුද්දෙට බයේ රටිනුත් පැනලා ගියා.ටිල්වින් මහත්තයාට අමු කැවිලද? මේ ඔබ දින තුනකට කලින් වේදිකාවකට නැගලා කරපු ප්‍රකාශයක්. බලන්න මොන තරම් ප්‍රාථමික ගණයේ ප්‍රකාශයක්ද කියලා?අර අපේ ගම්වල ඉස්සර ගැහැණු අය ලිඳ වටේ එකතුවෙලා කතාකරන දේ වගේමනේ. එය හුදෙක්ම පෞද්ගලික,වෛරී අදහසක් වගේමයි. අනෙක මාර්තු 12 ව්‍යාපාරයේ උගත් නෝනලා මහත්වරු එදිනෙදා තොරතුරු දැන ගන්නේ නැතිද? මේ ප්‍රකාශය දුටුවේ නැද්ද?