
(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,871 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 16 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 2 දෙනකු සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
එමෙන්ම පිරිමි අය 7 දෙනකු සහ කාන්තාවන් 12 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd