
(අංජුල මහික වීරරත්න)
රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ලෙස කටයුතු කළ කේ. ජී. එස්. නිශාන්ත මහතා 2026-04-27 දින සිට කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කර ඇති බැවින්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් දිසාපති තනතුර මේ වන විට පුරප්පාඩු වී පවතී.
ඒ අනුව, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එම්.ජී. ලලිත් ආනන්ද මහතා රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd