
(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් ලාදුරු බවට සැක කෙරෙන රෝගීන් 23 පසුගිය මාස හයක කාලයේදී වාර්තා වී ඇති අතර එයින් හය දෙනකුම දරුවන් බව එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මේ වන විට සමේ රෝග සායනයට ලාදුරු රෝගීන් යැයි සැක කෙරෙන තවත් 31 දෙනකුගේ වාර්තා ද යොමු කර ඇති බව සඳහන් කළ එම කාර්යාලය තවත් ලාදුරු රෝගීන් සිටිය හැකි බව පැවසීය.
මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමටුවේදිද රෝගීන්ගේ වැඩිවීම පිළිඹඳව තොරතුරු ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් අප වැඩිදුරටත් කළ විමසීමේදි එම කාර්යාලයේ උසස් නිලධාරියෙක් එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් නැහැ ලාදුරු වලට බෙහෙත් තිබෙනවා , නමුත් ක්‍රමානුකුලව මාස කිහිපයක් ප්‍රතිකාර ගන්න ඕනේ , බිය වෙන්නේ නැතිව සයන වලට යන්න , ප්‍රතිකාර ලබන අසධිතයෙකුගෙන් තව කෙනෙකුට රෝගය බෝ වීම ඉතා අල්පය