(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව නගර සභාවේ මාසික මහ සභා රැස්වීමේදී එහි විපක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු සිව් දෙනෙක් ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බලය හිමි මොරටුව මහ නගර සභාවේ ජනවාරි මස පළමු මහ සභා රැස්වීම නගර සභාවේදී මේ මොහොතේදී පැවැත්වේ.
නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ කෙරිණි.
එහිදි එක්සත් ජනතා සන්ධානයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකරමින් ආණ්ඩු පක්ෂයට එක්වීමෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 27 ක් වන අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 21 ක් වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ස්ථාවරයක ඉන්නකො එහෙට මෙහෙට යන්නෙ නැතුව.
ඉස්සර ආප්ප පිච්චුවේ උඩිනුත් ගිනිකබලක් තියලාලු නේද?
ප්‍රතිපත්තියක් නැති ශ්‍රිලනිපය.
මේ සියලුදෙනා තම වාසිය සඳහා පුටු මාරු කරති.