
(රංජිත් රාජපක්ෂ)
මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඕඩිසි දුම්රියට සංචාරක සමාගම් සංචාරයට එක්වන විදේශීකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සදහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබා ගත් දුම්රිය ප්‍රවේශපත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් විදේශිකයින් දැඩි ලෙස පීඩාවට පත් වීය.
මහනුවර සිට නානුඔය දක්වා අද දින ධාවනය වූ ඕඩිසි දුම්රියෙන් නානුඔය සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා රු.6000කට සහ ඊට වැඩි මුදලකට එම දුම්රියෙන් ගමන් කිරිමට ප්‍රවේශපත්‍ර ලබා ගත් ඉතාලි, ප්‍රංශ, ජර්මන් සහ ඉන්දියානු ජාතිකයන් විශාල පිරිසක් එම දුම්රියේ දුම්රිය නියාමකවරුන් දුම්රිය මැදිරිවලට ඇතුලු කර නොගැනීම හේතුවෙන් එම විදේශිකයෝ දැඩි ලෙස පීඩාවට පත් වී සිටියහ.
ඇතැම් සංචාරක සමාගම්, මග පෙන්වන්නන් සහ ඇතුම් තැරැව්කරුවන් ශ්‍රී ලාංකික හැදුනුම්පතක අංකයක් යොදාගෙන මාර්ගගත ක්‍රමයට ඔවුන්ගේ නම ඇතුළත් කර ඕඩිසි දුම්රියෙන් ගමන් කිරිමට දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන වැඩි මුදලකට අලෙවි කිරිමේ ජාවාරම නතර කිරිම සදහා දුම්රිය සාමාන්‍යාධිකාරි වාණිජ ඩබ්ලිව්.ඩි. රංජිත් පද්මලාල් මහතා විසින් විසින් ජූලි මස 30 වන දින චක්‍රලේඛණයක්ද, උපදෙස් මාලාවක්ද නිකුත්කර තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශිකයෝ පවු... කොහොමත් අපේ කාලකණ්ණි ස්වදේශිකයෝ... ගාන කඩාගන්න ඕනම වැඩක් කරනවා... මේ විදේශිකයන්ට තියෙන්නේ... මේ වැරැද්ද කරපු සමාගම් වලට ප්‍රතිචාර දැම්මා නම් හරි..
ටිකට් අරගෙන දුන්න හොරුන් අත් අඩංගුවට ගන්නේ නැතෙයි. මේ වැඩෙන් රටට විශාල හානියක් සිදුවෙනවා... මොවුන් දඬු කඳේ ගසා, ගල් ගසා දැමිය යුතුයි...
වංචාව මුල් බැසගෙන තියෙන සමාජයක් නිසි මගට ගැනීම කළ යුතුම දෙයක්...
සරල දෙයක් පවා වැඩකට නැති මිනිසුන්ට කළ නොහැක. සන්නිවේදන කුසලතා සඳහා සාමාන්‍ය බුද්ධියක් නැත. මෙයට හේතුව මුළු රජයම සහ නිලධාරීන්මයි. නියාමනයක් තිබේ නම්, එය සමාජ හා මාර්ගගත මාධ්‍ය හරහා දැනුම් දිය යුතුයි. මෙය කළ නොහැකි නම්, අවම වශයෙන් "ශ්‍රී ලාංකික හෝ විදේශික" යනුවෙන් ආසන්න සරල විකල්පයක් හෝ වෙබ් අඩවියේ හෝ වෙන්කිරීමේ ද්වාරයෙහි කොටුවක්... එවිට මෙය වළක්වා ගත හැක. කෙසේවෙතත්, මෙම නිෂ්ඵල රජයේ නිලධාරීන් තවමත් මෙම රජය විසින් නඩත්තු කරනු ලැබේ.
මේ රටේ කරන්නෙම මෝඩ තකතීරු වැඩ .
සංචාරක ඇමතිගේ ප්‍රතිචාරය කුමක්ද කියලා බලාසිටිමු. ඔහුගේ ප්‍රතිචාරය මත ලංකාවෙ සංචාරක ව්‍යාපාරය රැදේවිද විනාශයට යාවිද තීරණය කරන්න පුළුවන් වේවි
අපේ සමහරක්ට මීහරකුන්ට හරියට වැඩක් කරන්නත් දන්නේ නැහැ. එහෙම එවුන් ගෙදරට වෙලා හිටපල්ලා. ගම කන්නේ නැතුව.