(ඩයනා උදයංගනී සහ අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකාවේ රැඳී සිටින යුක්‍රේන හා රුසියා සංචාරකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය මාස 02කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

රුසියාව යුක්‍රේනය අතර වර්ධනය වී ඇති අර්බුදයහේතුවෙන් ඔවුන්ට නැවත සිය රට වෙත ගමන්කිරීමට අපහසු තත්වයක්  උද්ගතව ඇති නිසා ගාස්තු අය කිරීමකින් තොරව වීසා බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට නියමිතය.

රුසියානු සංචාරකයින් 11,463දෛනකු සහ යුක්‍රේන සංචාරකයින් 3,993 දෙනෙකු මේ වන විට දිවයින තුළ රැඳී සිටින අතර සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.