
(විමුක්ති එස් රුද්‍රිගු)
ඖෂධ, භාවිත කිරීමෙන් පසු ඉවත දමන වෛද්‍ය උපාංග හිඟය සහ විදුලි කප්පාදුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවත් ඒ හේතුවෙන් හදිසි මෙන්ම සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති බවත් රතු කුරුස සංවිධානය ඔක්තෝමබර් මාසයේ නිකුත් කළ සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.
එසේම ඉන්ධන හිඟය සෞඛ්‍ය සේවා කාර්යය මණ්ඩලය සහ රෝගීන් ප්‍රවාහනයට බලපෑම් එල්ල කර ඇති අතර හදිසි ගිලන් රථ සේවයටද ඉන්ධන හිඟය බලපෑමක් එල්ල කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
ඇතැම් සාමාන්‍ය ශල්‍යකර්ම අවලංගු කර ඇති බවත් එපමණක් නොව රුධිර පාරවිලයන සේවා වලට බාධා එල්ල වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
මෙම සමීක්ෂණයට සහභාගී වූ පවුල් අතරින් වැඩි ප්‍රතිශතයක සෞඛ්‍ය මෙම වසරේ ජනවාරි මසට සාපේක්ෂව සැප්තැම්බර් මස වන විට පිරිහීමට ලක්ව ඇතැයි රතු කුරුස සංවිධානය ප්‍රකාශ කළේය.වතුකරයේ සෑම පවුල් හතරෙන් තුනකම මෙම වසරේ ජනවාරි මසට සාපේක්ෂව සැප්තැම්බර් මස වන විට සෞඛ්‍ය පිරිහීමට ලක්ව ඇතැයි රතු කුරුස සංවිධාන වාර්තාවේ දැක්වේ.
එසේම ලබන වසරේ සැලකිලිමත් වියයුතු කරුණු අතර මරණ අනුපාතය සහ සෞඛ්‍ය පිරිහීම යන කරුණු සමීක්ෂණයේදී ඉස්මතු වූ බව රතු කුරුස සංවිධානය පැවසුවේය.
සමීක්ෂණයට සහභාගී වූ පවුල් තුනෙන් එකකට බෝ නොවන රෝග, හෘද රෝග, දියවැඩියාව සහ මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට බාධා එල්ල වී ඇති බවත් ශල්‍යකර්ම අවලංගු කිරීම හේතුවෙන්ද සමීක්ෂණයට සහභාගී වූ පවුල් පීඩා විඳ ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.
වතුකරයේ ජනතාව අතර මෙම තත්ත්වය තවත් දරුණු බවත් ඔවුන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා ගැනීම ඉතාමත් අපහසු වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
ඖෂධ මිල සහ තමන්ට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සමීක්ෂණයට සහභාගී වූ පවුල් සියල්ල ඉස්මතු කළ බව රතු කුරුස සංවිධානය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක්
ganegoda Tuesday, 25 October 2022 05:11 PM
රටේ මිනිස්සුන්නට දෙන්න තියෙන බෙහෙත් ඖෂධ ගෙවල්වල ගබඩා කරගත්තම රටක සෞඛ්‍යයට ඔහොම වෙනවා.