
(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර වෙබෝමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය නම් කරනු ලැබ ඇත.
ජාත්‍යන්තරව පිළිගත් සෙසු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දර්ශකයන්හි ද කොළඹ විශ්ව විද්‍යාලය ප්‍රමුඛස්ථානයට පැමිණ ඇති අතර, 2021 වසරේ සිමාගෝ (ීජසප්ටද) ආයතනික ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව ද ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්ව විද්‍යාලය බවට පත්වූයේ කොළඹ විශ්වවිද්‍යාලයයි.
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් වන කොළඹ විශ්ව විද්‍යාලය පීඨ නවයක්, ආයතන හතක්, මධ්‍යස්ථාන හතක්, මණ්ඩපයක් හා පරිගණක විද්‍යායතනයකින් සමන්විත වේ.
බහුවිධ ශාස්ත්‍රීය ශික්ෂණ හා අධ්‍යයන ධාරා රාශියක් අධ්‍යයනය සඳහා අවකාශ සලසාදෙන කොළඹ විශ්වවිද්‍යාලය තුළ ප්‍රථම, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා හා සහතික පත්‍ර ආදී පාඨමාලා හදාරන වශයෙන් විද්‍යාර්ථිහු 37,636 ක් අධ්‍යාපනය ලබති.
2022 වසරේ මුල් අදියරේ වෙබෝමෙටි්‍රක්ස් දර්ශකයේ ඉහළම ස්ථානයට පැමිණීම මගින් විශ්ව විද්‍යාලයේ ගුණාත්මක භාවයකින් යුත් පර්යේෂණ, ඉගැන්වීම් ක්‍රියාවලියේ විශිෂ්ටත්වය, ජාත්‍යන්තර පිළිගැනීම හා ප්‍රජාව, ආර්ථික හා කර්මාන්ත ක්ෂේත්‍ර සමග ඇති සබඳතාවය ඉස්මතු වන බව එම විශ්ව විද්‍යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුලපති දක්ෂයිනේ...
ලංකාව තුළ ඔය මොකක්හරි විශ්ව විද්‍යාලයක් පළමු තැනට එනවනේ.. වඩාත් වැදගත් වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීමේදී අපේ විශ්ව විද්‍යාලය තියෙන්නේ කොහේද කියන එකයි...
ඔය මහලොකු සම්මාන දෙන අය දන්නවද දන්නේ නැහැ, ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවෙන්නේ උපාධි සහතිකයක් අතට ගත්තු නරුමයින් රැළක් බව. උසස් අධ්‍යාපනය ලැබීම යනු විෂය පථය ඉගෙනීම පමණක් නොවෙයි. මානව දයාව, කරුණාව, සහකම්පනය ඔවුන් තුළ අනිවාර්යයෙන් තිබිය යුතුයි. මනුෂ්‍ය හැඟීම් නොදැනෙන, ඒවා නොතකන, තවකෙකුට ගරු නොකරන ඔලමොට්ටල උද්දච්ඡ මානසිකත්වයකින් යුත් විපරීත මනසක් සහිත උගතෙකුගෙන් රටට හෝ ජාතියකට සෙතක් වෙයිද? නමුත් විදේශ රටවල විශ්ව විද්‍යාල වල උගත් මහත්ම මහත්මීන් හා සමාජයේ අනෙකුත් සාමාන්‍ය ජනතාව අතර පැහැදිලි වෙනසක් දැකිය හැකියි. අන්න ඒ අපි දකින යහපත් වෙනස තමයි රටට පිළිලයක් වූ උගත් මෝඩයින් හා සැබෑවටම රටට හා ජනතාවට අවංක සේවයක් කරන උගත්, බුද්ධිමතුන් අතර තියන කිසිදා සමකළ නොහැකි පරතරය...
ඒත් ලෝකය ගත්තම කොළඹ විශ්වවිද්‍යාලය වැටෙන්නේ 1634 ට වීම කනගාටුදායකයි.
අධ්‍යාපන අංශයෙන් ප්‍රමුඛයා වෙන්න පුළුවන්... නමුත් තමා සමග සිටින සහෝදර ශිෂ්‍ය ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට අගරු කරන, තර්ජන, ගර්ජන කරමින් බලහත්කාරයෙන් පෙළපාලිවලට කුදලාගෙන යන වදහිංසා පමුණුවන ම්ලේච්ඡ, පහත් ගතිගුණ තියෙන සිසුන් සිටින විශ්ව විද්‍යාල හැටියට ලංකාව සිටින්නේ කී වෙනි ස්ථානයේද? කියලා අපව දැනුවත් කළොත් හොඳයි...
කොහොමත් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1000 අතරට ආව පළමුවැනි දේශීය විශ්ව විද්‍යාලය. ඉස්සරහට මේකේ ප්‍රමිතිය ගැන වගකියන්න බැරි වෙයි. පත්වෙච්ච නූගත් කුලපති සහ පදනමක් නැති ආචාර්ය උපාධි ප්‍රදානයන් නිසා...
මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ වැඩියට පස්සේ තමා මේ ජයග්‍රහණය ලැබුනේ.බොරුවටනේ උපාධි වර්ජනය කලේ
අර සල්ලිවලට උපාධි විකුණන වැඩිදෙනෙක් මෙලෝ රහක් නැති මැටි මෝල්ලු ටිකක් එලියට දමන ඊනියා " කැම්පස් " ඔය දර්ශකයේ තියෙන්නේ කොහෙද දන්නේ නැහැ ( පුද්ගලික අධ්‍යායාපනය තියෙන්න ඕන එකේ විවාදයක් නැහැ නමුත් ඒ වයේ ප්‍රමිතියක් තියෙන්න ඕන නියාමනයක් තියෙන්න ඕන නැත්නම් එලියට එන කට්ටියගෙන් රටට වැඩක් නැහැ බොහෝ දෙමව්පියන් අමාරුවෙන් හම්බකර න සල්ලිත් වතුරේ ) )
මේ විදේශීය මිනුම් දඬුවලට හේතුපාදක වන දත්ත හා තොරතුරු කෙසේද කියා දන්නේ නැහැ... ඒත්, ලෝකයේ විශ්ව විද්‍යාලවල ඉහළම මට්ටම් වල තියෙන්නේ ඒ අයගේ විශ්ව විද්‍යාල... ඒ අය බලන්නේ තමන්ට ආවේණික ආකල්පවල පිහිටා නිසා ඔවුන් තමන්ගේ දේ ඉහළින් දකිනවා වෙන්නත් පුළුවන්... කෙසේ වෙතත්, අපේ රටේ විශ්ව විද්‍යාල මෙසේ ඒ අය වර්ග කිරීම නිසා, සමහර අයගේ හිත් රිදෙන්නත් පුළුවන්. අතීතයේ උඩරට පහතරට භේද බින්න කොට රට පාලනය කළ හැටි සිහියට නගා ගැනීම වටී. සුද්දගේ ආක්‍රමණ නිසා අපට තේ වගාව, මහාමාර්ග වැනි දේ ඉතිරි වුවත්, අප රට යටත්කොට රටේ සාරය උරාබී ඔවුන්ගේ රටවල් සුරපුර සේ ගොඩනැගූ බව රහසක් නොවේ. විශ්ව විද්‍යාලවලට දේශපාලනය රිංගා ගැනීම හා අමානුෂික නවකවදය වැනි දේ නිසාත්, අප රටේ විශ්ව විද්‍යාලවල ගරුත්වයට සිදුවනුයේ, විශාල හානියකි. එසේම, අපගේ විශ්ව විද්‍යාල වලින් බිහිවන ලෝකය බබළවන විද්වතුන් ගැනද, මේ වර්ග කිරීම් වලදී සිහිතබා ගන්නේ නම් මැනවි. කෙසේ වෙතත්, අපගේ විශ්ව විද්‍යාල ලොව හොඳම විශ්ව විද්‍යාල බවට පත්කිරීමට සියලු බලධාරින්ට හා සියලු විද්‍යාර්ථයින්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.
වියදම කීයද? අනේ මෙහෙමත්...
ලෝකය තියෙන්නෙ ලංකාව ඇතුලෙ කියල හිතාගෙන ඉන්න අයට නම් මේකෙන් උද්දාමයට පත් වෙන්න පුලුවන්. ලෝකයේ විශ්ව විද්‍යාල අතුරින් ඔය කොළඹ විශ්ව විද්‍යාල කොතනද ඉන්නෙ කියල බලන්න. දාස් ගනනක් පහල. මේක හරියට අර මම තමයි හොඳටම කලේ වගේ කතාවක්. අට වෙනි පන්තියෙ ගනන් වත් බැරි රාජපක්ශ බාල කොල්ලට ගනිතයෙන් ආචාර්ය උපාධියක් දුන්නු කොළඹ විශ්ව විද්‍යාල මොන විශ්ව විද්‍යාලයක්ද? නිකම්ම නිකම් තුට්ටු දෙකේ තෝස කඩයක් වගේ එකක්.
එය විශ්ව විද්‍යාලයක් පමණි, සී නොවේ