(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටු පුරපති සහ පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු මහනගර සභාව ඉදිරිපිටදී සිදුකළ සත්‍යග්‍රහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිචාර නොදැක්වීමෙන් අද (11) පුරපති ඇතුළු සිව් දෙනෙක් මාරාන්තික උපවාසයක් ඇරඹුහ.
දින දෙකක් පුරා පැවති සත්‍යග්‍රහයට නිසි ප්‍රතිචාර නොදැක්වීමෙන් මොවුහු මෙලෙස අද උදෑසන 10 සිට උපවාසයේ නිරත වෙති.
පාරම්පරික වඩු කර්මාන්තය සහ වඩු කාර්මිකයා අපහසුවට ලක්වෙන ආකාරයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකකට එකක් නොගැලපෙන ලෙස තැනින් තැන කරන ප්‍රකාශ සියල්ල ඉවත් කර ගන්නා ලෙසත් නිකුත් කරන ගැසට් නිවේදනය මොරටුවට බල නොපැවැත්වෙන බවට වගන්තිය ඇතුළත් කරන ලෙසත් ඉල්ලා මොවුහු මෙම මාරාන්තික උපවාසය ඇරඹූහ.
කිසිවෙකුට බරක් නොවන ලෙස ජීවිකාව ගෙන යන වඩු කාර්මිකයාව පීඩාවට පත්වන ආකාරයෙන් වඩු මඩු අලුතෙන් ඇරඹිම තහනම් කිරීම තුලින් පාරම්පරික වඩු කර්මාන්තයට කණකොකා හැඬවීමක් සිදුවන ඔවුහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම පරිස්සමින් මේ වැඩේට යන්න.
මෙම පුරපති ඇතුළු මන්ත්රීලාට අවශ්‍ය වුනොත්, මේ ජනාධිපතිගෙන් පොදු සමාව නොලැබෙන්න පුළුවන්. ඒ නිසා එතුමාව තරහ කරගන්න එපා.
සිංහල මෝඩයන්...! අරෙහෙ අම්මල වඳ කරනවා. පන්සල් වල වහාබිය පතුරනවා. මෙහෙ කුඩාරම් අටෝගෙන පිස්සු කෙලිනවා...
පට්ට හොරු ටිකක්... ලංකාවේ උඩ සිට යටටම දේශපාලකයන් සොරකම් කරනවා. මිනිස්සු දුක් විඳිනවා. ඕක වටේ කඩේ යන්නේ කන්ට්‍රැක්ට් කාරයන් ටික...
මට නම් පෙන්නේ මැරයෝ හතර දෙනෙක් සැප ඇඳක නිදාගෙන ඉන්නවා කියලයි.
ප්‍රශ්ණය තමාගේ නොවෙනතාක් දාර්ශනික මත බෝහෝමයි.
අගමැති කිව්වා කිසිම විටක කර්මාන්ත වහන්නේ නෑ දියුණු කරන්න විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියලා. ජනපති නියෝගයේ ක්‍රියාත්මක වන්නේ ජංගම ලී මෝල් විතරයි කියලත් කිව්වනම්...