(රන්ජන් කස්තුරි)
බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය,කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය ඇතුළු දෙමළ ඩයස්පෝරා සංවිධාන හතක් සහ ඒවායේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන පුද්ගලයන් 388 දෙනකු මෙරට තහනම් ලැයිස්තුවට එක් කරමින් ආරක්ෂක ලේකම්වරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම්වලට සෘජුව,වක්‍රව හෝ වෙනත් ආකාරවලින් සම්බන්ධව සිට මේ වන විට ලොව විවිධ රටවල වෙසෙන පුද්ගලයන් 388 දෙනා තහනම් ලැයිස්තුවට එක්කරමින් ආරක්ෂක ලේකම්වරයා එම ගැසට් නිවේදන නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තහනම් ලැයිස්තුවට දෙමළ ඩයස්පෝරා සංවිධාන හතක් සහ ඒවායේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන පුද්ගලයන් ඇතුළත් කළද, නොකළද ඔවුන් ලංකාවට නොපැමිණ විදේශවල සිට පහසුවෙන්ම ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම් නොනවත්වා කරගෙන යනු ඇත. තහනම් ලැයිස්තුව ගැසට් කිරීමෙන් ලංකා රජය බලාපොරොත්තු වන්නේ කුමක්ද සහ ලංකාවට වන වාසිය සහ අවාසිය කුමක්ද?
ඇයි අන්තවාදී මුස්ලිම් සංවිධාන?
ඉතා හොඳ තිරණයක්.
ලියලා තියෙන අදහස් ටිකට නිමල් මහත්තයගේ පෑනේ මසුරන් දාන්න වටිනවා. තව එකක් මේ කට්ටිය ඉස්ලාම් අන්තවාදී සංවිධාන සහ ඒවාට උඩගෙඩි දෙන සහ සම්බන්ධ අය තහනම් කරන්න හිතාගෙන ඉන්නේ ලොකු විනාශයක් සිදුවුණාට පස්සේ කින්ද මන්ද කියලා හොයලා බලලා වෙන්න ඇති මගේ හිතේ.
මෙරට පුරවැසියන් තමයි සංවිධාන හදාගෙන ඉන්නේ. දේශපාලන රැකවරණයන් ලබා පිටවූ සියල්ලන්ගේම පුරවැසිභාවය අහෝසි කර ඔවුන්ගේ දේපළ රාජසන්තක කළ යුතුයි.