
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් සිවුවෙනි එන්නත් මාත්‍රාව අවශ්‍ය නම් ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූවේ කොරෝනා මර්දන එන්නතේ සිවුවන මාත්‍රාවද ලබාදීමට අවශ්‍ය වුවහොත් එයද මෙරට ජනතාවට නොමිලේ ලබාදෙන බවයි
එන්තත්කරණ වැඩසටහන යටතේ මෙතෙක් මිලදී ගත් මාත්‍රා සඳහා රුපියල් රුපියල් කෝටි 35 ක පමණ මුදලක් වැයකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට වුවමනා වැක්සීන් නෙවෙයි, ජීවත් වෙන්න බඩුමිල පාලනය කිරීම..., වැක්සීන්වලින් අපේ ඉතිරි ඩොලර් ටිකත් පරදේසක්කාරයින්ට පුදන්න එපා. පුළුවන් නම් දේශීය බෙහෙතක් දීලා අපේ මුදල් ඉතිරි කරගන්න ක්‍රමයක් හොයමු. පිටි ගෙන්වීමෙන් හොරකම් කරන අයට කදිම අවස්ථාවක්... වැක්සීන් අනිවාර්ය කරන්න ගිහිල්ලා ගොඩක් රටවල් ඇනගෙන තියෙන්නේ... ස්තුතියි.
එන්නත වෙලාවට දෙන්නේ නැතිව මුළු ජනතාවම කෑගහනකන් එන්නත් ගේන්නේ නැතිව ජනතාව මැරෙනකල් කල් මැරුවේ කවුද? දැන් 4 වැනි එන්නතක් ගැන කියන්නේ අපි පිට සක්වලින් ඇවිල්ලා කියලා හිතාගෙනද?
කොයි රටේද 4 වෙනි මාත්‍රාවට ඉන්ජෙක්ෂන් එකක් හදලා තියෙන්නේ .බොරු නොකියා ඉන්න .
බොරු සංදර්ශන නැතිව හතරක් ගහන්න ඉස්සර තුන්වැනි එක ගහලා ඉන්න පුලුවන් නම්... මිනිස්සුන්ට, ඇත්ත කතාව තාම බහුතරයක් බූස්ටර් එක ගහගෙන නෑ. ඒකට වැඩපිළිවෙලක් හදන්න... නිකන් කියවන්නේ නැතුව...
හිටපු ඇමති දෙකක් ගෙනාවා මටත් දෙකක් ඕනෑ නිසා හතරක් ගහනවා.. එහෙමද කියන්නේ? ඇමැතිවරයා නැවතත් මාරු කළොත් හයක් ගහන්න කියාවි. කොහොම වුණත් දැන් ජනයා කියන්නේ කොහොමත් මැරෙනවා එන්නත් ගන්නේ නැහැ කියලා. බලන්න බූස්ටරය නොගත් පිරිසක් නැද්ද කියලා..?.
මුන් ඇවිල්ල කතා කරන්නේ බහුබූත. මිනිස්සුන්ට කන්න නැතුව ඉන්නවා - මුන් සුරුට්ටු පත්තු කරන්න හදනවා.