(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කිසිම ආහාර හිඟයක් ඇති නොවන බව වගකීමෙන් පවසන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
යල මහ කන්නවල වී වගාවෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 3.3 ක් ලැබීමට නියමිත අතර ජාතික අවශ්‍යතාවය සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක් බවද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
මහ කන්නයේ පළමු හරිත අස්වැන්න ශ්‍රී මහා බෝධියට පිදීමේ මාවතගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ හරිත අගසස් මංගල්‍ය උත්සවයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙි බව කීය.
බය නැතිව පරිසර හිතකාමී කාබනික පොහොර ලබන කන්නයේදී පාවිච්චි කරන්නැයි ගොවීන්ට පවසන බව කී අලුත්ගමගේ මහතා කලට වේලාවට පොහොර භාවිතා කළහොත් නිෂ්පාදනයේ කිසිම අඩුවක් වෙන්නේ නැති බවට සහතික විය හැකි බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය වගකීමෙන් පවසනවා කියන්නේ... බඩුම තමයි..!
කටින් වග කීම...?
ඒ කියමනෙන් ගම්‍ය වන්නේ ඒකාන්ත වශයෙන්ම ආහාර හිඟයක් ඇතිවන බවයි.
කිසිකාලෙක කිසිම දේක හිඟයක් ඇති වෙන්නෙම නෑ නේන්නන්. ඒ ඉතින් ඔහෙලාට වුණාට දැන් කරගත්තු මෝඩකම කිය කියා පෝලිම්වල දෙස් දෙවොල් තියන හැට නම ලක්ෂයක් නොවැම්බර් වරුන් ඇතුළු රටේ ජනතාවට නම් දැන් මහ මඟ මැරිලා වැටෙන තත්වයක් උදාවෙලා තියෙන්නේ. දැනටම ඔහෙලගේ "සෞභාග්‍යය" අහිංසක ජීවිත තුනක් බිලිගත්තා. මේවට උත්තර බඳින්න වෙන්නේ උඩ ඉන්න දෙයියන්ට විතරයි. රතුනූල් බැඳ බැඳ දෙතුන් පැත්තේම දේශපාලුවන් රවට්ටන කපටින්ට නොවේ. මේ දවස්වල ප්‍රවෘත්ති බලන්නෙම නැද්ද ?
හිඟයක් නැති නිසා තමයි මිනිස්සු පෝලිම්වල මැරෙන්නේ..!
මේ වගේ මෝඩ කතා වැඩක් නෑ.
මෙයා කිව්වොත් බඩුම තමයි. ලබන පාර ඡන්දෙට නම් එනවා නෙමේ...!
පුන්නක්කු ගෙන්නමුද. ඒව හිඟයි. 69 ලක්ෂෙටයි පොහොට්ටුවන්ටයි.