
(අංජුල මහික වීරරත්න)
මෙරට වකුගඩු ගල් රෝගයෙන් පීඩා විදින දහස් සංඛ්‍යාත රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත්, වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා දැනට පවතින 5000 කට අධික පොරොත්තු ලේඛණ යම්තාක් මට්ටමකින් අවම කිරීම සඳහා විසදුමක් ලෙස, මුළු දිවයිනටම සේවා සලසා ගත හැකි අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 12 දා පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරේ.
වකුගඩු ආශ්‍රිතව ඇති වන ගල් (Kidney Stone Disease) යනු ශ්‍රී ලංකාවේ බහුලවම දැකිය හැකි රෝග තත්ත්වයන්ගෙන් එකකි. දිවයින පුරා විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂඥ මූත්‍රා රෝග ඒකක 30 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුව ද, ප්‍රතිකාර සඳහා පවතින ඉල්ලුම ඉතා ඉහළ තත්ත්වයක පවතී. විශේෂයෙන්ම යටිතල පහසුකම්වල සීමාවන්, ශල්‍යාගාර අවමවීම සහ නවීන එන්ඩොයුරොලොජිකල් තාක්ෂණයට ඇති සීමිත ප්‍රවේශය මේ සඳහා ප්‍රධාන හේතු වී ඇත. වර්තමානයේ මෙරට වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකර ගැනීම සඳහා රෝගීන් 5,000 කට අධික පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බවට ඇස්තමේන්තු කර ඇත.
මෙම ගැටළුකාරි තත්ත්වයට විසදුමක් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග (NCD) කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් වූ යෝජනාවන් පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLAUS) සහයෝගය සහිතව වකුගඩු ගල් රෝගීන් සඳහා විශේෂිත වූ මධ්‍යගත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමේ සංකල්පය ප්‍රවර්ධනය කළ අතර, මේ දක්වා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ද එම සංගමය මීට සහයෝගය දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd