(සුජිත් හේවාජුලිගේ )
මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් 174 දෙනෙකුට වැටුප් හා දීමනා වැඩිපුර කිරීම නිසා රජයට රුපියල් කෝටි 20කට වැඩි මුදලක් පාඩු සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණය වී ඇත.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නියමයන්ට පටහැනිව ඉහළ වැටුප් කාණ්ඩ මත පිහිටුවා වැටුප් ගෙවීම නිසා මේ පාඩුව සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.
මෙලෙස වැටුප් හා දීමනා වැඩිපුර ගෙවා ඇතැයි පැවසෙන්නේ 2020 වර්ෂයේදීය.
මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ බඳවා ගැනීම් උසස්වීම් මාරු කිරීම් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කෙරුණු බඳවා ගැනීමේ පටිපාටිය එම කාලසීමාවේදී යොදාගෙන නැතැයි විගණන නිලධාරීහු පවසති.
මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලය 13,000ක් බවත් එම කාර්ය මණ්ඩලය දිවයින පුරා ව්‍යාප්ත වන පරිදි අනුමත කර ඇති බවත් ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මගුලට විගමනය කරනවාදැයි අපට නම් නොතේරේ... මක්නිසාදයත් මෙතෙක් කාලයක් අප රට පාලනය කල කිසිඳු රජයක් විගණක නිලධාරින් විසින් ඒ ඒ වකවානුවල හොරාකන ලද මුදල් පිළිබඳව "පෙන්වාදී තිබුණත් " ඒ ඒ ආයතනවල ඒ ඒ තක්කඩි නිලධාරීන්ගෙන් ආපසු අයකරගෙන තිබේද? අප දන්නා පරිදි නම් පිළිතුර "නැත" යන්නය. එබැවින් විගණක දෙපාර්තුමේන්තුවේ සියලුම නිලධාරීන් පැරණි සිංහල කියමන් නිවැරදි ලෙස ඉගෙන ගත්තොත් හොඳයි..."කලදුටු කල වල ඉහ ගන්නවා" යන පැරණි කියමන" මේ උගත් වැදගත් තක්කඩි ලොක්කන් ප්රායෝගිකවම සියලුම පුරවැසියනට පහදා දී තිබෙනවා නොවේද...?
රජයේ තනතුරු දරමින්, තම මාර්ග කොන්ත්‍රාත්කරුවන්ට අවශ්‍ය මාර්ග සැලසුම්, පාලම් සැලසුම් කිරීමේ උප කොන්ත්‍රාත් බලපෑම් කරමින් ඔවුන්ගෙන් ලබාගෙන අයථා මුදල් ලබාගන්නා අයද සිටිති.
දැන් රටේ යන්නේ පොහොසත්, උගත් යැයි සම්මත ආණ්ඩුවේ රැකියා කරන සමහර පිරිස් දුප්පත්, නූගත් අයගේ සුබ සාධනයටවත් මුදල් ඉතිරි වෙන්න නොතබා යටි මඩි ගහන කලාව. ඇත්තටම උදේ ඉඳන් රෑ වෙනකන් ප්‍රධාන ආගම් හතරම කැපී පේන්න දොහොත් මුදුන් තියාගෙන ඉන්නේ තම බොරුව වහගන්න වගේ... මේ වගේ බොරු කාරයින් කවුද කියලා මාධ්‍යයෙන් හෙලි කරන්න ඕනේ...