
මොරොක්කෝවේ උතුරු පළාතේ දුෂ්කර ගම්මානයක පිහිටි මීටර් 32 ක් ගැඹුරු නළ ළිඳකට වැටුණු පස් හැවිරිදි රයන් දරුවා වළට වැටී පැය 100කට පසු මීට සුළු මොහොතකට පෙර ගොඩගත් අතර ඔහුගේ ජීවිතය බේරාගැනීමට සහන කණ්ඩායම්වලට නොහැකි විය.
ලංකාවේ වේලාවෙන් පෙරවරු 2.10 ට පමණ සහන කණ්ඩායම් අඳුරු ගුහාවක සිර වී සිටි රයන් එළියට රැගෙන ආවත් කාලය ඔවුන්ට හරස් වී තිබුණි. දින 5ක් නැතිනම් පැය 100 කට අධික කාලයක් දිවා රෑ මහන්සි වූවත් කාලය සමග පැවැති සටනින් ඔවුන් පරාජය විය.සහන කණ්ඩායම් රැගෙන ආවේ රයන්ගේ නිසල වූ සිරුර බව බලධාරීහු ප්‍රකාශ කළහ.
ඉකුත් අඟහරුවාදා නළ ළිඳක වළකට වැටුණු රයන් බේරාගැනීම සදහා ආරක්ෂක කණ්ඩායම් සහ සහන කණ්ඩායම් කාලය සමග සටනක් ආරම්භ කරන ලදි.
අඟහහරුවදා දින සිට කාලය සමග සටන් කළ මුදවා ගැනීමේ නිලධාරීන් හට ළිඳට වැටුණු රයන් බේරාගැනීම ඉතාමත් අපහසු කාර්යයක් විය.
එම සහන කණ්ඩායම් නළ ළිඳට සමාන්තරව ඒ ළිඳ අසලින් උමගක් හැරීම ආරම්භ කළහ.එය මීටර් 32 ගැඹුරු විය. අනතුරුව රයන්ට ළඟා වීම සඳහා තිරස් අතට උමග හෑරූහ.
බේරාගත් මොහොතේම රෝහල වෙත රැගෙන යාම සදහා ගිලන් රථයක්ද, මූලික ප්‍රථමාධාර දීම සඳහා වෛද්‍යවරුද, එම ස්ථානයේ සුදානම්ව රැඳී සිටියහ.පැමිණි ගිලන් රථයේ රයන්ගේ දෙමව්පියෝද එම ස්ථානයට පැමිණියහ.
පැය 100 කට ආසන්න කාලයක් ළිඳේ සිරවී සිටි රයන් වෙත ආරක්ෂක කණ්ඩායම් සහ සහන කණ්ඩායම් විවිධ බාධක මැද මහත් වෙහෙසක් දරා ළඟා වූහ. නමුත් ඒ වන විටත්
රයන් ගැන තිබූ සියලු බලාපොරොත්තු සුන් කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් හඬවමින් රයන් ජීවන ගමනින් නික්ම ගොස් අවසන්ය.
(විමුක්ති එස් රුද්‍රිගු - පෙනින්සියුලාකටාර් නිව්ස් )
https://www.youtube.com/watch?
https://www.youtube.com/watch?



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා...!!! කිසිදාක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!!! තෙරුවන් සරණයි...!!!
නිවන් සුව පැටියෝ...!
නිවන් සුව අත්වේවා...!
ඒ පුතාට නැවත සසරේදී එවන් දෙයක් නොවේවා...!
ඔබට ස්වර්ගය හිමිවේවා... පුතේ ආමේන්..!
කණගාටුයි දරුවන් ගැන.. 2022 වෙලත් වලකට වැටුණු කෙනෙක් බේරගන්න තාක්ෂණය නැහැ. මේවාට තමයි රොබෝලා හදන්න ඕනෑ..
මනුෂ්‍යත්වය වෙනුවෙන් ක්‍රියා කළ හැමෝටම පින්, රයන් අපට දෙන පණිවුඩය නම් ආගම්වාදයත්, වර්ගවාදයත් පසෙකලා මානවත්වය වෙනුවෙන් මිනිසා පෙළගැසිය යුතු බවයි... රයන් ඔබට සුබ නින්දක්... !
හරිම කණගාටුයි... ඊයේ ලොව රූපවාහිනී නාලිකාවල මූලික ප්‍රවෘත්තිය වුනේ ඕක... ඒකෙ පෙන්නුවා රයන් හොඳට ඉන්නවා උමඟ තුළ. එයාට කෑමබීම, ඔක්සිජන් සැපයීම කළා නළ මාර්ගයෙන්... කැමරා එකක් පවා යවලා දරුවා නිරීක්ෂණය කළා. ඒත් කාලය හරස් වුණානේ...
රයන් ඔබ ගියේ මේ නරක ලෝකෙන්, ඔබේ ආගම අනුව ඔබේ දෙවියෝ ඔබව ඔහු වෙත කැඳවාගෙන ඔබව පාපයෙන් බේරාගන්න... ඔබ වාසනාවන්තයි දරුවා... ඔබව දෙවියෝ රැකබලාගනීවි...
අනේ ලස්සන දරුවා... ඔබට නිවන් සුව ලැබේවා පුතේ..!
පුතේ ඔබට නිවන් සුව අත්වේවා..!!
මේ ජීවිත කොට වුණාට ඔබගේ සැබෑ ජීවිත අපි ළඟයි. දෙවි පිහිටයි පුතා...
මීටර් 32ක් කියන්නේ අඩි 105ක් විතර. ඒ කියන්නේ තට්‍ටු 10ක බිල්ඩිමක උස. දැඩි සීරීම් තුවාල එක්ක... උස්ම ගන්න බැරුව, කන්න බොන්න නැතුව, අම්මා, තාත්තා දකින්න නැතුව ඒ දරුවා දවස් තුනක් බයෙන්, වේදනාවෙන් කොච්චර දුක් විඳින්න ඇත්ද? මනුෂ්‍ය ගුණවලින් මහා පොහොසත් මිනිස්සු ඒ දරුවාව බේරගන්න අප්‍රමාණ දුක් වින්දත් කර්මයේ කුරීරු බව ඉස්මතු වූ හැටි දකින්න. අපත් සසරේ මෙවන් දුක්වලට මොනතරම් මුහුණ දෙන්න ඇද්ද? සසර ගැන බිය උපදවා ගන්න බුද්ධිමත් මනුස්සයෙක්ට මේකත් ප්‍රමාණවත්... ඒ දරුවා නිවනින් නිවේවා..!! අප සැමටත් හැකි ඉක්මණින් නිවනින් නිවීමට හැකිවේවා!