
(ගයාන් සූරිය ආරච්චි)
පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඊයේ (26) රාත්‍රී හමාගිය සුළගකින් ඇමැති ආරක්ෂක කොට්ඨාස භූමියේ තිබූ නවතා තිබූ ඩිෆෙන්ඩර් රථ 2 ක් අතුළු වාහන 5 කට විිශාල මාර ගසක් කඩා වැටී ඇති බව ඇමැති ආරක්ෂක කොට්ඨාසය පවසයි.
එම මාර ගස කඩාවැටීමෙන් ඩිෆෙන්ඩර් රථ දෙක නැවත භාවිතයට ගත් නොහැකි මට්ටමට හානි සිදුව ඇති බව එම කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් පැවැසුවේය.
අධික සුළග හේතුවෙන් කඩා වැටුණු මාර ගස වට අඩි 12 ක් පමණ වන බව එම කොට්ඨාසය පවසයි.
එම ගස වැටීමෙන් එම භූමියේ තිබු තවත් ලෑන්ඩ් කෘසර් වර්ගයේ රථ 2 කට සහ වෑන් රථයකට හානි සිදුව ඇති අතර එම හානි සම්බන්ධයෙන් මෙතෙක් තක්සේරු කර නොමැති බව එම කොට්ඨාසය කියයි.
ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කොළඹ නගර සභාවට දැනුම්දීමෙන් අනතුරුව කොළඹ නගර සභාවේ නිලධාරිහු පිරිසක් දොඹකරයක් රැගෙනවිත් කඩිනමින් එම මාර ගස කපා ඉවත් කිරීමේ කාර්ය යේ නියැළුණහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධාරානිපාත වැස්ස තියෙන, දැඩි හුලං හමන එම නිසාම ගස් පෙරලෙන කාලේ මාර ගස් යට Defender රථ ගාල් කරපු අයටනම් සම්මාන දෙන්න වටිනවා , හොඳ බුද්ධිමත්ව වැඩ කරලා තියන එකට