(අජන්ත කුමාර අගලකඩ)
වෙළඳපොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මියන්මාරයෙන් සුදු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත .
සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 445 බැගින් ,රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා මෙම සහල් තොගය ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.
වරකට සහල් මෙට්‍රික් ටොන් 20,000 බැගින් ආනයනය කර වරින් වර වෙළඳපොළට නිකුත් කිරීමට වෙළද අමාත්‍යාංශය අපේක්ෂා කරයි .
එම සහල් තොග ආනයනය කිරීම සඳහා අවශ්‍ය විදේශ විනිමය මහජන බැංකුව වෙත නිකුත් කරන්නැයි වෙළෙඳ අමාත්‍යාංශය මහ බැංකුවෙන් ඉල්ලීමක් කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාබනික සහල්ද? එතකොට වකුගඩුවලට අවුලක් නැද්ද? නෑ, මේ දන්නේ නැතිකමට ඇහුවේ...!
කාබනික පොහොර යොදා වවපුවා නිසයි සර් මේවා ගෙන්නන්න අවසර දීලා ඇත්තේ... සර් කියනවා රසායනික පෝර දාලා හදපුවා කෑවාම අපි අසනීප වෙනවා කියලා... සර් අපිව බේරගන්න මොනතරම් බල්ටි ගහනවද?
කාබනික සහල්ද?
ඩඩ්ලි පව් නේද?
මහින්දානන්ද කිව්වා එක හාල් ඇටයක් ආනයනය කළොත් ඉල්ලා අස්වෙන්න කියලා. දැන් ටොන් ගණන් ගේන්නේ...!
රටින් හාල් ගෙනත් කාපු කාලේ අපි විඳපු දුක් දන්නේ අපි විතරයි. 1965 සිට සාමාන්‍යයෙන් අපි නොමිලේ දෙන හාල් සේරුවක් හා මුදලට දෙන හාල් සේරුවකින් කෙනෙකුට සතියක් යැපෙන්න වුණා. බලයලත් වෙළෙන්දා හරහා බඩුගත් අපිට බොහෝවිට හාල්ගන්න තිබුණේ නැහැ. මුදල් හිඟය නිසා වැඩි පිරිසක් නොමිලේ හාල් පමණක් අරගෙන තමයි ජීවත් වුනේ, මිනිස්සු බොහෝවිට කුසගින්නේ හිටියේ... මේ නිසා ඩඩ්ලි සේනානායක මැතිතුමා වගා සංග්‍රාමය අරඹා වලව ව්‍යාපාරය වැනි යෝජනා මගින් වී වගාව දියුණුවට කටයුතු කළා. එතුමත් නොමිලයේ හාල් සේරු දෙකක් දෙනවා කියූ මැතිණියත්, ජේ.ආර්. ගේ රජයත් ආහාර සුලබ කිරීමට විශාල මෙහෙයක් කළා. ඒ නිසා අපිට රට හාලේ බත් අනවශ්‍ය වුණා. නමුත් වත්මන් වෙළෙඳ ඇමැතිවරයා නැවතත් අපිට රටහාලේ බත් හුරුකර අපි දීන ජාතියක් කරන්න හදනවා කියලා අබමල් රේණුවක තරම් මොළයක් තියෙන අයට පැහැදිලි වෙනවා..
මියන්මාරයට, හාල්වලට මුදල්නම් ලැබෙන්නේ නැහැ.
අපි බඩගින්නේ, පුන්නක්කු ටොන් 69 ලක්ෂය එන්නේ කවදාද?
එතකොට වකුගඩුවලට මුකුත් වෙන්නේ නැහැයිලු කියන්නේ...!
මියන්මාරයේ කුඹුරු වැඩට ලංකාවේ මීහරක් ටික පැටෙව්වා නම් විශාල ආදායමක් ලබාගන්න තිබුණා. කොහොමත් මේ රටවල් දෙකේ ඉන්න මී හරක්ගේ මහා ලොකු වෙනසකුත් නැහැනේ...