IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මියන්මාරයට ඩොලර් මිලියනයක්

(අංජුල මහික වීරරත්න)

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.

ඊට අදාල චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පිරිනමනු ලැබීය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද විපතට පත් මියන්මාර් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුලු රජයට සිය කෘතඥතාව පිරිනමන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය.

එසේම එම අසීරු අවස්ථාවේ සහන කණ්ඩායම් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොමු කිරීම පිළිබඳවද ස්තූතිය පළ කළ තානාපතිවරිය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින දිගුකාලීන ආගමික සහ සංස්කෘතික මිත්‍රත්වය එමගින් තවදුරටත් තහවුරු වනු ඇති බව සඳහන් කළාය. භූ කම්පනයෙන් පසු මියන්මාරයේ වත්මන් තත්ත්වය පිළිබඳවද තානාපතිවරිය මෙහිදී ජනාධිපති ලේකම්වරයා වෙත කරුණු පැහැදිලි කළාය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මියන්මාර් තානාපති කාර්යාලයේ Winh Wint Khaus Tun, Lei Yi Win යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

මියන්මාරයට ඩොලර් මිලියනයක්

බද්රානි Thursday, 10 April 2025 07:06 PM

ලෝකයා ඉදිරියේ ධනවත් නම්බුකාරයින් ලෙස පෙනී සිටින අපි මීට වඩා ලොකු ගාණක් මියන්මාරයට ලබා දිය යුතුව තිබුණා නේද..? මොනවා වුණත් මියන්මාරය පාලනය කරන මිලිටරි ජුන්ටාව හරි හොඳයි අප්පා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site