මියන්මාර හමුදා පාලනයට එරෙහිව ජනතාව උසි ගන්වමින්, මැතිවරණය වර්ජනය කරන්නැයි ජනතාවගෙන් බල කරමින් විරෝධතා පැවැත්වූ සමාජ ක්‍රියාකාරීන් නව දෙනකුට වසර 37 බැගින් සිරදඬුවම් නියම කෙරුණි.

එම විරෝධතාකරුවන් නව දෙනාට නායකත්වය දුන් බව පැවැසෙන්නේ හ්ටෙට් මියට් අවුන් ය.

මොහු මියන්මාරයේ ප්‍රකට සමාජ ක්‍රියාකාරියෙකි. මැැතිවරණ නීති සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ මියට් අවුන් ඇතුළු නව දෙනා චෝදනා ලැබ සිටි බවත් ඔවුන් එම චෝදනා හමුවේ වරදකරුවන් වුණු බවත් මියන්මාර හමුදා පාලනය පවසයි. මොවුන් අත්අඩංගුචට ගෙන ඇත්තේ ඉකුත් වසරේ දෙසැම්බර් 4 වැනිදාය.