
(කාංචන කුමාර ආරියදාස)
නිදි යහනේ මියගොස් සිටි බව කියූ එක් දරු මවගේ මරණය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වීමත් මරණ පරීක්ෂණයට සාක්කි දීමට ආ මියගිය කතගේ සැමිය සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ලේ පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි තාරුකා කව්ෂල්‍යා නිස්සංක නමැති 34 හැවිරිදි එක් දරු මවකි.
ඇය ගලේවෙල කලාප අධ්‍යපන කාර්යාලයේ කළමනාකරන සේවා නිලධාරිනිය ලෙස සේවය කරමින් සිටියාය.
දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ පසුගිය 13 වැනි දින කාන්තාවක් නිදි යහනේ සිටියදී මිය ගොස් ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
ඇයගේ සැමියා පොලිසියට ප්‍රකාශ කොට තිබුණේ තම බිරිඳ විභාගයක් සඳහා පාඩම් කරමින් සිට සවස 4.00 පමණ නින්දට ගිය බවත් රාත්‍රි නමයට පමණ අවදි කරවන ලෙස දැනුම් දුන් බවයි.
ඒ අනුව රාත්‍රියේ බිරිඳ අවදි කිරීමට ගියද ඇය අවදි නොවීම නිසා අසනීප තත්වයක් ඇතැයි සිතා 1990 ගිලන් රථ සේවය සේවයට ඇමතුමක් ලබා දුන් බවද ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබිණි.
2025 ඔක්තෝබර් මස 08
1902
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
532
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මියගියැයි කියූ එක්දරු මව මරලා