
(සුජිත් හේවාජුලිගේ )
හිටපු (පැරදුණු ) මැතිඇමැතිවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, හිටපු මහ ඇමැතිවරුන්, නායක ස්වාමීන් වහන්සේලා, නිලමේවරුන් සහ මියගිය දේශපාලඥයන්ගේ ඇතැම් බිරින්දෑවරුන්ට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඇමැති ආරක්ෂක අංශයේ (M.S.D) නිලධාරීන් 245ක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ අයට මෙලෙස ආරක්ෂාව ලබාදීම සඳහා රජයට වාර්ෂිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් කෝටි 15 කට ආසන්න බව දැනගන්නට ඇත.
ඇමැති ආරක්ෂක අංශයේ මෙපමණ නිලධාරීන් විශාල පිරිසක් පැරදුණු මැතිඇමැතිවරුන්, දේශපාලනඥන්ගේ බිරින්දෑවරුන් ඇතුළු පිරිස්වලට ලබා දීමට සිදුවීම නිසා නිලධාරි හිඟයක් ඇතිවීමෙන් එම අංශයේ රාජකාරි කටයුතුවලට විශාල ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන්ම විදේශ දූත පිරිස් පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට ආරක්ෂාව ලබාදීමේදී මේ ගැටලුව තදින්ම දැනෙන බව වාර්තා වේ.
අභාවප්‍රාප්ත හිටපු ජනාධිපතිවරයකුගේ බිරිඳට ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් 17 දෙනකුද අභාවප්‍රාප්ත හිටපු කතානායකවරයකුගේ බිරිඳට එම අංශයේ නිලධාරීන් දෙදෙනකුද පසුගිය කාලයේදී ඝාතනයට ලක්වූ ඇමැතිවරයකුගේ බිරිඳට ආරක්ෂකයන් දෙදෙනකුද යොදවා ඇතැයි පවසන එම ආරංචි මාර්ග අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමකින් රුපියල් කෝටි ගණනක් හොරෙන් ලබාගත් බවට චෝදනා ලැබූ නිලධාරියාටද ඇමැති ආරක්ෂකයන් දෙදෙනකු ලබාදී සිටින බව සඳහන් කරයි.
නායක ස්වාමීන්වහන්සේලා පිරිසකට ලබාදී ඇති ප්‍රභූ ආරක්ෂකයන් ගණන 38 කි.
රජය විශාල වශයෙන් මූල්‍යමය දුෂ්කරතාවයකට පත්ව සිටින අවස්ථාවක ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු තර්ජනයක් නොමැති පිරිස්වලට මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබාදීම සඳහා විශාල මුදල් සම්භාරයක් යට කිරීම අපරාධයක් බව ආර්ථික විශේෂඥයන් රැසක් රජයට සහ මුදල් ඇමැතිවරයාට දැනටමත් කරුණු පෙන්වාදී ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මියගිය දේශපාලඥයින්ගේ ඇතැම් බිරින්දෑවරුන්ට..." !
අර රාජකීය හොර දොස්තරයගේ දූලා පුතාලාත් MSD රැකවරණය දීලා තියෙන්නේ...
පිස්සුනේ, මහජනයාට සේවය කරන්න කියලා ඡන්දෙ හිඟාකාලා පත්වුණායින් පස්සේ ආරක්ෂාවක් මොකටද? තමන් ආරක්ෂිත වෙන්නේ ශිෂ්ඨ සමාජ විරෝධී වැඩ කරන හින්දා නේද? ඕනෑම කෙනෙකු ආරක්ෂිතයි කියලා හිතෙනවා නම් පුද්ගලික වියදමින් තම ආරක්ෂාව සලසා ගත්තාට කම් නැත...
වහාම අනවශ්‍ය ආරක්ෂාව ඉවත් කරන්න. ඇරත් කවුද ඔය අපතයින්ව මරන්න එන්නේ..?
ඇත්තටම මේක මහාම මහා අපරාධයක්... කිසිම ජීවිත තර්ජනයක් ඔය සඳහන් කළ කාටවත් ඇතැයි මා සිතන්නේ නැහැ. තනි කළාම ඒගොල්ලන්ගේ පුහු මාන්නය පවත්වා ගැනීමටයි එහෙම කරන්නේ. සරල බව සහ නිහතමානීකම කොච්චර උතුම් දෙයක්ද?
ගෝත්‍රික මමනේ...!
මේ මොන පිස්සු රටක්ද මේ? මේ වගේ මහජන මුදල් කාබාසිනියා කරන රටක් මේ තුන් ලෝකයේවත් නැතුව ඇති...!
ටිල් වින් ලේකම්තුමා ඔහොම කතාවක් කියලා තිබුණා.. අපි එම අදහස අනුමත කළොත් ඔය ගැටලුව විසඳාගන්න පුළුවන්...!
ආසා හිතෙන කතාව.. අර, මයිනාගේ ගිණුමෙන් සල්ලි කෝටි ගාණක් ඇද්ද මෝඩ යකාටත් ආරක්ෂකයින් දෙන්නෙක් දීලා.
මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා..?
නන්දසේන බලයට පත්වුණු දා පටන් කළේම අනවශ්‍ය, රටට අහිතකර, රටේ මුදල් නාස්ති කරන විකාර දේවල්මයි. නොකළ යුතු දේවල් කරන්න මිනිහා හරිම සූරයා...
ඒක තමයි මේ හිතලා තියෙන්නේ.. මේ දේශපාලුවෝ නම් රටට හෙණයක්...!
රජයේ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල කොමිෂන් සභා වැනි ව්‍යවස්ථාපිත ආයතනවල සිවිල් තනතුරු දරන මිනිසුන්ට ආභරණයක් හා පුද්ගලික වැඩ කරගැනීමට උපකරණ ලෙස වහල් සේවයේ යොදවන පොලිස් නිලධාරින් සංඛ්‍යාව කොපමණද යන්න සොයා බැලීම සැමගේ වගකීමකි...
මෝ වෙත... ආරක්ෂක භටයින් දෙන්නෙක් දුන්නේ නිකන් නොවේ..,