
(යොහාන් භාසුර)
මෙම වසරේ (2021) ශ්‍රී ලාංකිකයන් 120,000 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා විදේශගත ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
‘කොවිඩ්’ වසංගත තත්වය හමුවේ වුවද මැද පෙරදිග කලාපයේ කටාර් රාජ්‍යයට 30,000 ක්, සෞදිඅරාබියට 27,000 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 20,000 ක් පමණ ද, දකුණු කොරියාවට 1400 ක්, සිංගප්පූරුවට 1100 ක්, සයිප්‍රසයට 1600 ක් සහ ජපානයට 800 ක් පමණ ද, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී මෙම වසරේ රැකියා සඳහා විදේශගතව ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ රැකියාවලට ගියේ රටේ ජීවත් වෙන්න බැරි තරමට ආර්ථිකය වැටිච්ච නිසා. මේ 120,000ම තමන් උපයන මුදල් සේරම මෙහෙට එවයි කියලද බලන් ඉන්නේ? පව්... බලාගෙනම ඉන්නකෝ...
නව වහල් වෙළඳාම ජයටම කරන්නයි යන්නේ... ඉස්සර කාලේ යටත් විජිත වාදීන්. දැන් කරන්නේ තමන් පත්කරන තමන්ගේම නියෝජිතයින්...
ලෝකෙටම ලොක්කන් කියලා ලංකාවේ ඇතුලේ හිතාගෙන ඉන්න කෙරුමෝ පිටරටවලට ගොස් මැදපෙරදිග ඇතුළු අනෙකුත් රටවලට ගොස් බැලමෙහෙවර කම් කරමින් ලංකාවේ තක්කඩි පාලකයින්ට කඹුරන උපන් ගෙයි මෝඩයින්. මැදපෙරදිග තම්බින්ගෙන් හා සුද්දන්ගෙන් කනේ පාරවල් හා ටොකු කාගෙන කීයක් හරි හම්බකර ගනිමින් දේශප්‍රේමේ ඉහට ගහගෙන පාලකයින්ට කඩේයමින් පම්පෝරි ගහන පල් මෝඩයින්ට දැන් අප්‍රිකාවටත් රැකියා ඇබෑර්තු ඇති බව තමයි ආරංචි...
රට යන අය ගෙදර වියදමට පමණක් ඩොලර් එවන්න. මේ ආණ්ඩුව ඉන්නේ ඔබලා මහන්සි වෙලා උපයන ඩොලර් ටික විනාශ කරන තැනක.. ඒ නිසා වැඩිපුර ඩොලර් එවන්න එපා. ඔබ මහන්සි වී උපයන ඩොලර් ඔබටත්, මාතෘභූමියටත් යහපතක් විය යුතුයි. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරන්න. ලංකාවේ දේශපාලු පල්හොරුන්ට ඔබලා මහන්සි වී උපයන ඩොලර් මංකොල්ල කන්න ඉඩ තියන්න එපා...
එහෙනම් ළඟදිම තව නෙළුම් පොකුණකුත් හදලා, ඩියුටි ෆ්‍රී කාර් 225කුත් ගෙන්න ගන්න පුළුවනි...
පාලකයිනුයි, ගෝල බාලයිනුයි රටේ සල්ලි පිල්ලි යවනකොට සාමාන්‍ය රැකියාවක් කරලා කොතරම් මුදල් මේ රටට එව්වත් අනාගතේ දරුවන්ට යහපතක් වෙන්න ඉඩකඩ අඩුයි. එයට හේතුව ඕනෑම දූෂිත රටක ජීවන වියදම ඉතා ඉහළ වෙනවා. එවිට ආයෝජකයින් මෙරට ව්‍යාපාර කිරීමට අකැමැතියි. මෙරට කර්මාන්තවල සිටින අයත් සේවකයින් නඩත්තුව මිල අධික බැවින්ද එවැනි පඩිනඩි දී සාදන තම නිමැවුම්වල මිල අනෙක් රටවල් භාණ්ඩ හා සේවා සපයන පහළ මිල හා තරගකළ නොහැකි බැවින්ද බංගලාදේශය වැනි රටවලට ගෙනියනවා. මෙරට ඉතිරිවෙන්නේ බාලකල භාණ්ඩ හා නිපුණතාවය අඩු පිරිස් සපයන වෙළෙඳ දැන්වීම් දමා පිම්බූ සේවා පමණයි. මෙම ක්‍රියාදාමය දම්වැලක පුරුක් වගේ... ‘තමන්ගේ පාඩුවේ කාටවත් කරදරයක් නැතිව හිටියම ඉවරයිනේ...’ කියන සංකල්පය මුලාවක් බව පසක් කරනවා. මේ හැම වරදක්ම හැම පුරවැසියෙකුගේම ජීවිතවලට බලපානවා...