(ජා-ඇල ප්‍රසංග පෙරේරා සහ ජාඇල තිස්ස කොටින්කඩුව)
ජා-ඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ ඇළක් ශුද්ධ පවිත්‍ර කිරිමේ දී එහි තිබී විදේශියක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නිවස පිටුපස ඇළක තිබී හමුවී ඇති බව කඳාන පොලිසිය පවසයි.
මෙම ජීව අත්බෝම්බය නගර සභා සේවකයින් පිරිසකට හමුවී ඇත්තේ ඊයේ (1) ඇළක් ශුද්ධ පවිත්‍ර කිරිමේ දී ය.
ජා-ඇල නගර සභාව මගින් ප්‍රදේශයේ ඇළ මාර්ග ශුද්ධ පවිත්‍ර කිරිමේ ව්‍යපෘතියකට අනුව දෙල්ගහආර ඇළ නම් ඇළ මාර්ගය ශුද්ධ පවිත්‍ර කිරිමේ දී මෙම ජීව අත් බෝම්බය හමු වී තිබේ.
මෙම අත්බෝම්බය නගර සභා සේවක මහතෙකුට හමුවී ඇත්තේ ඔහුගේ සවලට බෝම්බය පැටලී ඒමත් සමග ය.
සිනමාපට වල මෙවැනි බෝම්බ දැක ඇති නිසා එය බෝම්බයක් යැයි සිතා නගරාධිපතිවරයා හා පොලීසියට ඒ බව දැන්වූ බව නිකලස් මහතා පැවසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් කදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd