(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවෙ ජනතාව අද ඉන්නේ ඡන්ද පිපාසෙකින් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අයත් ලංකාවට පැමිණ ඡන්දයක් විමසන ලෙස පැවසූ බව කී කිරිඇල්ල මහතා කිසිවකුටත් බය නොවී ඡන්දය තැබුවොත් මැතිවරණ කොමසාරිස්වරයා ඉතිහාසයට එකතු වන බවද සඳහන් කළේය.

"උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ "කියා බෞද්ධ කියමනක් තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයාට සිහිපත් කරන බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.