(ඩයනා උදයංගනී )
මනුෂ නානයක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තාවේ.
ඔහු පසුගියදා නව රජයේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
මනුෂ නානයක්කාර මහතා ජනාධිපතිවරයාට සිය ඉල්ල ා අස්වීම පිළිබඳව ලිපියක් මගින් දැනුම් දී තිබේ.
එම ලිපිය පහත දැක්වේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන්ම පේනවා ප්‍රශ්නය උඩු දුවලා තියන තරම
දැන්නම් සටන දෙපැත්තටම විවෘතයි වගේ. කවුරු දිනුවත් රට පරාදයි
අඩුම තරමෙ මේ විදිහෙ එක පුද්ගලයෙක් වත් ඉන්න එක ගැන අපි සතුටු වෙමු. මනුෂ මහතාණනි ඔබ සිදුකර තිබෙන්නේ එඩිතර ක්‍රියාවකි. ඔබට මගේ උපහාරය.
කොන්දක් ඇති දේශපාලුවෝ අතරින් එක පුද්ගලයෙක් වුණු එකට නීතිගරුක පුරවැසියන්ගේ ආචාරය. රටේ පක්ෂ පාට නොව නීතියයි වැදගත් විය යුත්තේ. අනික බොරු බේගල් ඇදබාන ජනධිපතිට දුන්න නියම ටොක්කක් මේක........
ඔබ ගත් නිවැරදි තීරණය අගය කල යුතුමය. ඔබ වෙනි නීති ගරුක මන්ත්‍රී වරු අවශ්‍ය යුගයක්. ඔබට ජය
ප්‍රජාතන්ත්‍රවාදය ගරු නොකරපු දේශපාලන අදබාලයන් පාඩමක් ඉගෙනගන්නා බව නොඅනුමානය.
මොකක් හරි ගණුදෙනුවේ ප්‍රශ්නයක්ද?
අනෙක් මැති ඇමති සියලු දෙනාම එසේ කරනවානම් ඉතා හොදයි
ඔබ මතු කර ඇති ප්‍රබල කරුණක් වන ජන වරමේ මුලිකාංගයක් වූ බලය අනිසි ලෙස බාවිත කිරීම හා ප්‍රජාතන්ත්‍ර නොවන ක්‍රියාවන්ට තිත තැබීම යන කරුණු සැලකු විට මා දැරු මතයද වෙනස් වුනා.
මහින්දට බලයේ ඉන්න හරිම හදිස්සියක්නේ තියෙන්නේ. අඩුම ගානේ ඡන්දයක් එනකම්වත් ඉන්න තිබුනනේ. මේ පාරත් අනාගත්තා කියලා හිතෙන්නේ මට විතරද
හදවතට එකඟව කටයුතු කරන තවත් මන්තීවරයෙක් ඔන්න හමු වුනා. පක්ෂ පාට මොකක් වුනත් ඔබට මගේ ආචාරය!
මනුෂ ඔබට ආසිරි පතමි,
යුක්තිගරුක මන්ත්‍රීවරයෙක් ඔබට දීඝායු !
මොනවාද මේ වෙන්නේ ..
ගෙම්බන් ලාහට එකතු කරනවා වගේ මන්ත්‍රීලා එකතු කරලා ආණ්ඩු පිහිටවන්න පුලුවන්ද ??
ඔය ඔක්කොම අස්වෙලා ගිහින් උගත් විද්වතුන් 10 දෙනෙක් අලුතින් පත් කලානම් මේ රට ගොඩ ගන්න පුළුවන්.
2018 පැවතී පසුගිය ඡන්ද විමසීමේදී හැටපන්ලක්ෂයක් මිනිසුන් ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා පොදුජන පෙරමුණට. දැන් බහුතරය කොහෙද ඉන්නේ?
බමුණුආරච්චි මහතා සහ සත්‍යය සත්‍යපාල මහතා කොහෙද දන්නේ නැහැ. දැන් දැනගන්න කව්රු මොන පැත්තට පිනුම් ගැහුවත් වැරදි බව. තමුන් කැමති විදිහට සහයෝගය දෙන්න පුළුවන් නමුත් තමන්ගේ මන්ත්‍රී දුරයෙන් ඉල්ලා අස්වෙලා. මොකද පුද්ගලයන්ට ප්‍රථම පක්ෂයකට තමා ඡන්දය දෙන්නේ. කොච්චර ශක්තිමත් වුනත් තනියෙන් ඉල්ලපු ගමන් ඇපත් නැහැ. මෙතන එජාප හරිද ශ්‍රී ලංකා හරිද නෙමයි වැදගත්. අපේ ඡන්දය තමා වැදගත්. ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍ය තමා වැදගත්. මේ කිසිම කෙනෙක්ගෙන් අපිට පුද්ගලික වාසි නැහැ. ඔබලාටත් එහෙමයි කියලා හිතනවා. ඒ නිසා කාටවත් කඩේ යන්න එපා. හරිදේට හරි කියන ගමන් වැරදි දේට වැරදියි කියන්න. සත්‍යය, සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් පෙනී හිටින්න. අපිට ජය.
කොන්දක් සහ රට ගැන හැඟීමක් ඇති සියලුම ඇමතිවරු මෙලෙස වීරයන් සේ ඉල්ලා අස්වෙන්න.
මනුෂගේ ලියුමේ තිබෙන විදිහට කතානායකගේ නිවේදනය නිසයි ඔහු නැවත මාරු වුනේ. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා කතානායක ඔහුගේ පක්ෂයට වාසිදායක නිවේදන නිකුත් කිරීම නිසා අනිත් පක්ෂයට ඇතිවෙන බලපෑම ගැන. කතානායක ඔහුගේ පක්ෂය සමග පවත්වන සම්බන්ධකම් ගැන සෙවීම සුදුසුයි කියලා හිතෙනවා. මහින්ද හරියි කියනවා නෙවෙයි කතානායක තනතුර ස්වාධීන නැහැ කියලා හිතෙන්නේ.
මොනවාද මේ වෙන්නේ ...මැජික් වගේ ..
මොලය ඇති එක්කනෙක් හරි මේ ගොඩේ සිටීම අගයකොට සලකනවා දේශපාලනයේ සිටින හැමෝම පොල්බුරුවන් නොවන බව ඔබ රටට පැහැදිලි කල ඔබට අපගේ සුබ පැතුම්.
සමහර අය පිල් මාරු කරන්නේ රටට සේවය කිරීමට බව කියති. තවත් සමහරු නොකීවත් මොකක් හෝ සාධාරන හේතුවක් පෙන්නා වැඩිම මිලට අලෙවි වෙනවා ඇත. තවත් සමහරු ඇමති තනතුරක් වෙනුවෙනි. තවත් සමහරු උරුමය අහිමි වීමේ වෛරය පෙන්නා අලෙවි වෙති. තවත් සමහරු තියෙන දුෂිත චෝදනාවලින් ගැලවීමට දිනන පැත්තකට හේත්තුව දමති.
මනුෂ මුලින්ම උපේක්ෂා ස්වර්ණමාලි ගිය වෙලාවේ එජාප එකෙන් බුලත් කොලේට පැන්නා. ඊට පස්සේ ආපහු 2015 ජනවාරියේදී ආපහු එජාප එකට පැන්නා. ඊටත් පස්සේ මේ පාර සුමානයක් විතර ඇතුලත දෙපැත්තටම පැන්නා. බලන් ගියාම අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමිලා නහින්නේ නැහැ වගේ. එක්කෝ කියමන වෙනස් කරන්න ඕනා. අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී නමුත් පක්ෂෙන් පක්ෂෙට පනින මන්ත්‍රී පෝසත් වෙතී කියලවත්.
රට ඉවරයි. ජනතාව කබලෙන් ලිපට වැටුනා
දැන් පෙනවා ඇයි පාර්ලිමේන්තුව කල් දමමින් රට තව තවත් අස්තාවර කරේ ඇයි කියලා. තවමත් ඔවුන්ට බහුතරය නෑ. මේ වගේ කී දෙනෙක් ආයේත් පනීවිද. මේ එහාට මෙහාට පනින ක්‍රමය නම් අනිවාර්යයෙන් නැවත්විය යුතුයි.
මනුෂ දැන් චන්දෙන් එන්නකෝ