මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (30) පස්වරු 10.00 වනවිට එක්වූ ආසාදිතයන් 318 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 496 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 20,442 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.