
(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියකට කෝවිඩ් ඔමික්‍රෝන් වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවැසීය.
මේ වන විට එම පෙර පාසල තාවකාලිකව වසා දමා ඇති අතර පෙර පාසලේ ඉගෙනුම ලැබූ දරුවන් 20ක් , එහි ප්‍රධාන පාලිකාව සහ තවත් ගුරුවරියක් නිරෝධායනයට ලක් කර ඇති බවද එම ප්‍රකාශකයා කීය.
රෝගී පෙර පාසල් ගුරුවරියට මීට දින ගණනකට පෙර කොරෝනා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදු කළ පි.සි.ආර්. පරීක්ෂණයකින් පසුව ඇය කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇත. වැඩිදුර පරීක්ෂා කිරීමේදී මෙම පෙර පාසල් ගුරුවරියට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රොන් වයිරස බවට තහවුරු වී ඇත.
පාසල් ගුරුවරියට වයිරසය ආසාදනය වූයේ කාගෙන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව ද එම ප්‍රකාශකයා කීය.
පෙර පාසලේ කිසිදු දරුවකුට හෝ ගුරුවරියන් දෙදෙනාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවත් නිරෝධායනයට ලක් කර සිටින එම පෙර පාසල් දරුවන් පිරිස සහ ගුරුවරියන් පී. සී .ආර්. පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd