(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයක මහණ වීමට පැමිණි තරුණියක සහ එම ආරාමයේ වැඩ වාසය කළ අවුරුදු 12 ,15 සහ 18 යන වයසේ පසුවන මෙහෙනින් වහන්සේලා තුන් නමක් සමග 24 වැනි දා සිට අභිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මෙම මෙහෙණි ආරාමයේ වැඩ වාසය කරන මෙහෙණින් වහන්සේ විසින් මේ බව අද (26) ම්නුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.
මහණ වීමට අවශ්‍ය බව පවසමින් පැමිණි තරුණිය අනෙක් මෙහෙණින් වහන්සේලා තිදෙනා රැගෙන යන්නට ඇති බවට සැක කරන්නේ යැයි පැමිණිලිකාර මෙහෙණින් වහන්සේ පොලීසියට පවසා ඇතැයි කියති.
මෙහෙනින් වහන්සේලා තුන් නම රැගෙන ගියේ යැයි කියන මෙම තරුණියගේ කිසිම තොරතුරක් තමන් සතුව නොමැති බව පැමිණිලිකාර මෙහෙණින් වහන්සේ පවසන්නේ යැයි පොලීසිය සඳහන් කරයි.
මෙම මෙහෙණින් වහන්සේලා තුන්දෙනා සහ එම මෙහෙණින් වහන්සේලා රැගෙන ගියේ යැයි කියන තරුණිය ගැන මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනුවන්ගොඩ ආරාමයක මෙහෙනින් වහන්සේ තිදෙනකු සහ තරුණියක් අතුරුදන්
Gayani Sunday, 27 August 2023 03:48 AM
එහෙම කිසිම පුද්ගලික තොරතුරක් නැතිව ඒ කෙල්ලව නවත්වා ගත්තු එක වැරැදියි. ඒ වගේමයි පොලිස් කම්ප්ලේන් දාලා තියෙන්නේ 26 ඉඳලා... අතුරුදන් වෙලා තියෙන්නේ 24. දවස් 02ක් යනකන් ප්‍රධාන මෙහෙණින් වහන්සේ දන්නේ නෑ... ඒ කට්ටිය නෑ කියලා. එහෙමද වගකීම් දරන්නේ..?
ඇබිත්තෙයා Sunday, 27 August 2023 08:24 AM
නන්නාඳුනන කෙනෙක් මහණ වෙන්න කියලා ආවාම කිසිවක් නොසොයා බාර ගන්නවා කියන්නේ... අනතුරක් කර ගැනීමක් තමයි හැඳුනුම්පත සමග ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී අනු අත්සන් කළ ග්‍රාම නිලධාරි සහතිකයක් ගත්තා නම් ඔය ප්‍රශ්න කිසිවක් නැහැ කියලා හිතන්නේ නැද්ද?
Jayagoda Sunday, 27 August 2023 03:49 PM
පන්සල් සහ ආරාම කියන්නේ වධකාගාර...
Bunny Preena Monday, 28 August 2023 01:59 PM
සිතට සහනය සහ සැනසීම ගැන දෙනවයි කියන ආගමික ස්ථානවලත් මෙවැනි සිදුවීම්වලට ප්‍රධානම හේතුව තමන් එම ස්ථානයට පැමැණීමේ ප්‍රධාන අරමුණ මොනවාදැයි හරියට තේරුම් නොගැනීමයි...