(විමුක්ති එස් රුද්‍රිගු)
මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වූ රණවිරුවන්ව ඉලක්ක කරගනිමින් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ 51/5 යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වන බව ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේය.
එම යෝජනාවේ 8 වෙනි ඡේදය මගින් ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරමින් රණවිරුවන්ව ඉලක්ක කර ඇති බව අලි සබ්රි මහතා පෙන්වා දුන්නේය.
පිටරටවල නඩු අහන එක, විදේශ විනිසුරුවරුන් ලංකාවට පැමිණීම ලංකාවේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක් බව අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.
මානව හිමිකම් කවුන්සිලයේ බලවත් සාමාජික රාජ්‍යයන් එල්ල කරන බලපෑම් හමුවේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ජයග්‍රහණය කිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව සබ්රි මහතා පෙන්වා දුන්නේය.
යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව ඇතැයි පැවසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ රෙද්ද ගේන්න තමයි ලංකාවෙ කන්න නෑ . ළමයින් ට මන්ද පෝෂණය කිය කියා හිඟන්නු ගානට දාගෙන දැඟලුවේ. බටහිර ජාතීන් කැමති නෑ රටක් හැටියට ස්වාධීනව නැගිටිනවට. ගෝඨාභය දේශපාලනය ට නවකයෙක. නමුත් එතුමා පන්නන්නත් මේ බලවේග ක්‍රියාත්මක වුණා . මේ හැම තැනකම කොටි ඩයස්පෝරාව ඉන්නවා.
ඔය කිව්වාට යටින් කැමතියි නේද රනිල්ට විරුද්ධව නැගී එයි කියලා හිතෙන කට්ටියගේ කකුල් ගැටගහන යෝජනාවට ?
අලි සබ්රි, අපේ යුධ ජයග්‍රාහකයින් වෙන්දේසි කරන්න එපා!
හැම ජරා වැඩක්ම කරලා මුළු ලංකාවටම ඇරලා අන්තිමේ මුළු ලෝකෙන්ම කුජීත වෙනකොට රණවිරුගාය සහ කොටි නැගිටීම පෙන්නලා බයියො ටික හීලෑ කරනවා..
රණවිරුවන්ටන්ම නෙමේ. පිටසකවලින් ඇවිත් හරි හිටපු පාලකයින්. විදුලි පුටුවේ ඉන්දන එක හරි. සදාම් හුසෙන්ට කලා වගේ එල්ලලා දාන එක හරි දකින එක තමා එකම ආශාවන්. මොකද මේ පාලකයන් අපේ අනිකුත් සියලු ආශාවන් පොඩි පට්ටම්කරලා දැම්මා. ගොඩනගාගෙන ආ සියලු දේවල් එහෙම් පිටින්ම බිමට සමතලා කලා. ණය කාරයෝ කලා. ගොඩ එන ක්‍රමයක් පේනමානයක් නෑ. දැන් එකම ආශාව ඒ විනාශය කරපු පාලකයන් අපායට යවනවා දැක ගැනීම.
ආණ්ඩුව රටේ මිනිස්සුන්ට රාජ්‍ය බලය යොදලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංගනය කර කර තග දානකොට ජාත්‍යන්තරය ආණ්ඩුවට තග දානවා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ආණ්ඩු කරන්න කියලා.ආණ්ඩුවට ඒක දිරවන්නේ නැහැ
බටහිර රටවල් විසින් අරගලය මෙහෙයවනු ලැබුවේ දැන් මොකොටද කියලා සක්සුදක් සේ පැහැදිලියි. මෝඩ සිංහලයා.
නිරායුධ අරගලකරුවන් අත්අඩංගුවට අරගෙන කරන මානව හිමිකම් උල්ලංඝනය කමක් නැද්ද?
බයියෝ විතරයි ඕකට කලබල වෙන්නේ , අපිටනම් දැන් මොකා ආවත් එකයි , ඔය මහා ලොකු ව්‍යවස්ථාව හැමදාම රනිල් මහින්ද වගේ කපටියෝ පාවිච්චි කරේ උන්ගේ වාසියට මිසක් ඕකෙන් රටට ඇති වෙච්ච් සෙතක් නැහැ , රාජපක්ෂලා ට ඒකාධිපති බලතල ගන්න ගෙනාපු 20 වෙනි සංශෝදනයෙන් තමයි උන් රට බංකොලොත් කරේ
කුඩා කාලයේ සිට මරණ මොහොත දක්වාම බිල්ලන්ට බියෙන් ජීවත් වෙන රටවැසියන් සිටින ලෝකයේ එකම රට.. "ඔන්න බබෝ බිල්ලෝ එනවා අඬන ළමයි අල්ලන් යනවා.." සින්දුව අහපු එකේ ප්‍රතිපල තමයි මේ.. ඒ උනාට අම්මෝ!! ලෝකෙම ඉන්න බිල්ලන්ගේ එකම පරමාර්ථය අපේ රණ විරුවන්ව හිරේට දැමීම හා අපේ රට අල්ලා ගැනීමයි. මට නම් ඒ ගැන මතක් වෙද්දීත් බයයි අනේ..
අපේ අලිසබ්‍රි මහත්තයම මේකට කෑගහනව මිසක් කෝ රටේ ජනාධිපති තුමා වචනයක්වත් කතාකරන්නෙ නැහැනෙ.මේක ඒයාගෙම පලෑන් ඒකක්ද කියලත් සැකයි වෙලාවකට.
135 දෙනෙකු කරන නාඩගම් නිසා ලෝකයේ රටවල් පිළිගන්නේ නැති තත්වයට පත්වෙලා.
ඉස්සරහට හරි ආණ්ඩුවක් ආවහම අපිට බැරිද ඔය හමුදාවේ අය වෙනුවට ඔය ඉල්ලන දේශපාලුවෝ ටික බාරදීලා මේක ගොඩින් බේරගන්න. මොකද දැනට කරන්න පුළුවන් දේ ඔච්චරයි. ඔය ඉන්නවනේ දේශපාලුවෝ සෙට් එකක්ක්ම. සමහරු දැනටමත් රටෙන් පිට ඉන්නෙත්. හරිම ලේසියි. සමහරු දැනටමත් ඇමෙරිකාවටම ගිහින් ඉන්නේ. ඒ අය ඕනි දිහාවකට අරන් ගිහින් ඕනි රටක නඩු දාලා ඕනි හිර කුඩුවක දා ගත්තාවේ.
ලමයින්ට කන්න නෑ.. පසල් පොත් පත් ගන්න මව්පියන්ට ආදායම නෑ.. රටෙ නිපදවන හාල් එලවලු ප්‍රවාහනය කරන්න ඉන්දන නෑ.. විදුලි බිල් ජල ගාස්තු දුරකතන ගාස්තු තියෙන්නෙ අහසෙ ගුවන් යානා යන සීමාවෙ. . නය පොලි අනුපාත දවස ගානෙ නගිනව.. පාන්ඩු ආන්ඩුවෙ මන්ත්‍රිගෙ ඉදල රටෙ මුදල් කොල්ල කනව.. මොකද ලංකාවෙ මානව හිමිකම් සුරැකීම? හැමදාම අපිට අහන්න තියෙන්නෙ හොරකම් කරපු මිනි මරපු පුවත්. . හැබයි පොලිසියෙන් අල්ලන්නෙ ගස්ලබ්බ කාපු එකාව, කොඩියක් ඇද රෙද්දට දාපු එකාව, සබන් ගාල නාපු එකාව. . අත් අඩන්ගුවෙ ඉන්න සැක කරුවො පොලිසියත් එක්ක ගැටුම් හදාගෙන වෙඩි කනව. . මලාට පස්සෙ පොලිසිය කියනව අපරාද රැසකට සම්බන්ධයි කියල.. අපරධ කලා නම් නඩු දාල ඔප්පු කරල අදාල දඩුවම් දෙන්න ඔන.. එහෙම නැතුව පොලිසියට වෙඩි තියල මරන්න නම් උසාවි මොකටද? නිරායුද මිනිස්සු දෙවියන් ඉදිරියෙ ඝාතනය වෙනව අක්‍රපු එකෙක් නැහ.. එව හොයන්න පොලිසියට වෙලාවකුත් නැහැ.. මෙවද අපේ මානව හිමිකම් සුරැකිම?
ඔන්න ඕක තමයි නුඹලා වරද්දාගත්තු තැන. මිනිස්සු නුඹලා එක්ක ඉද්දී නුඹලගේ බලය ජාත්‍යන්තරය දැක්කා. තීන්දු ගන්න දෙපාරක් හිතුවා. එහෙම නුඹලා වෙනුවෙන් හිටපු මිනිස්සු කන්නවත් නැතිව පාරට ඇදලා දැම්මා හොරාකාලා. ඊට පස්සේ ඒ මිනිස්සු ඉවසගන්න බැරිව පාරට බැස්සාම ඒවට ආමි එක දාලා ගැහුවා. දැන් මිනිස්සු නුඹලා එක්ක නෑ. පුළුවන් නම් බේරියල්ලා... නුඹලයි, නුඹලගේ මහරජයි, හොර පවුලයි. නගින්න අර විදුලි පුටුවට... හා හා ...