
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය බෙල්ල වටේ හිර වී ඇත්තේ යුද්ධය අවසන් වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ දුන් පොරොන්දුවක් නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
යුද්ධය අවසන් කාලයේ සිදු වූ මානව හිමිකම් ගැන හොයන්නට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැන්කි මුන්ට මහනුවර දී පොරොන්දු වූ බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එය රට පාවාදුන් උඩරට ගිවිසුම වගේ එකක් යැයි පැවසීය.
ඒ අවස්ථාවේ ප්‍රශ්නයෙන් බේරෙන්න මහින්ද රාජපක්ෂ මහතා කල් ගන්න හැදු බවත් ඒ ගිවිසුම අද දක්වා වගවීම් කියා බෙල්ල වටේ එතී තිබෙන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ගිය අවුරුද්දට වඩා මේ වසරේ දී ජාත්‍යන්තරයෙන් රට අන්ත පරාජයක් ලබා ගෙන තිබෙන අතර එක මුස්ලිම් රටක් වත් ලංකාවට ඡන්දය ලබා දී නැතැයි කී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ජිනීවා ප්‍රශ්නය ගැන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd