IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මානව හිමිකම් කෙටුම්පත ගැන හියුමන් රයිට්ස් වොච් කනස්සල්ලෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

හමුදාව පවත්වාගෙන යනු ලබන “පුනරුත්ථාපන” මධ්‍යස්ථානවල පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලධාරීන්ට පුළුල් බලතල ලබාදෙන පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය ඉල්ලා අස්කර ගත යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

“පුනරුත්ථාපන” මධ්‍යස්ථාන වෙත යැවෙන රැඳවියන් අපයෝජනයට ලක්වීමේ විශාල අවදානමක් ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.

ඉකුත් මස 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත මගින් “මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්, ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් සහ වෙනත් ඕනෑම කණ්ඩායමක්”හේතු දැක්වීමකින් තොරව පුනුරුත්ථාපන මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීමට අවසර ලබා දෙන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සහිත “පුනරුත්ථාපන” මධ්‍යස්ථාන පාලනය කිරීම සඳහා පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත මගින් ආරක්ෂක අමාත්‍යාංශය  පාලනය කරනු ලබන නව පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කරනු ලබන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කළේය මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කර ඇති යෝජිත නීතිය, පුද්ගලයන් “පුනරුත්ථාපනය” සඳහා යැවීමේ පදනම විස්තර කර නොමැති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි.

නමුත් මෑත කාලින වෙනත් රජයේ ප්‍රතිපත්ති මගින් කිසිඳු අපරාධයකට වරදකරු නොවූ පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තකින් තොරව “පුනරුත්ථාපනය” කිරීමට නොපැහැදිලි සහ අත්තනෝමතික බලතල සපයන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

 



අදහස් (0)

මානව හිමිකම් කෙටුම්පත ගැන හියුමන් රයිට්ස් වොච් කනස්සල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site